තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර ඔප්පුවෙන් මැනිං මාකට් කඩ විකිණූ කතක් එක්ක 3ක් අත්අඩංගුවට

    හොර ඔප්පුවෙන් මැනිං මාකට් කඩ විකිණූ කතක් එක්ක 3ක් අත්අඩංගුවට

    හොර ඔප්පු සකස්කර මැනිං වෙළද පොලේ කඩ කාමර අලෙවි කිරීමක් සහ නාගරික සංවර්ධන අධිකාරිය සතු සංචාරක බංගලා සහ තානායම් පවත්වාගෙන යාමට බදු දෙන බව සදහන් කරමින් ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස් රවටමින් මුදල් වංචාවේ නිරතව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක් වාණීජ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නාලක ගොඩහේවා මහතාගේ පුද්ගලික ලේකම්වරයා ලෙස පෙනී සිටි පුද්ගලයෙක් විසින් මෙම වංචාව සිදුකර ඇත. ඒ ගැන නාගරික සංවර්ධන අමාත්‍යාංශයට ලද තොරතුරකට අනුව යම් සොයා බැලීමකින් පසු පොලිස්පතිවරයාට ලිඛිතව කළ පැමිණිල්ලක් මත වාණීජ අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකාරිය ඉකුත් මැතිවරණ සමයේදී රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ දේශපාලන කටයුතුවලට ළගින්ම සම්බන්ධව සිටි ගණේමුල්ලේ සංවිධාන කටයුතුවල නිරතව සිටි තැනැත්තියකි. නාගරික ජනාවාස අධිකාරියේ ඇය උපදේශිකාවක් ලෙසද කටයුතු කර තිබේ. ඇය මෙම වංචාවට සම්බන්ධබව අනාවරණය වීමත් සමග රාජ්‍ය ඇමතිවරයා විසින් ඇයට ලබාදී තිබුණු උපදේශක අහෝසිකරමින් ඇය සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට දැනුම් දී ඇත. ගණේමුල්ලේ පදිංචිකාරියක් වන ඇයව ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    තුන්වැනි සැකකරු රතිඤ්ඤා කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක් බවත් මේ අය අමාත්‍යාංශයේ ලිපි ලේඛන පවා ව්‍යාජ ලෙස සකස්කරමින් මෙම වංචාවේ නිරතව සිට ඇති බවත් පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මැනිං වෙළද පොලේ වෙළද සැල් වෙනුවෙන් සකස් කළ ව්‍යාජ ඔප්පු කිහිපයක්ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img