ප්‍රාථමික, ද්විතීයික, උසස් අධ්‍යාපන හා තෘතීයික අධ්‍යාපනය සඳහා වූ ජාතික ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඒ සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශයේ මෙසේ සදහන්ය.
කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවූ සමාජ දුරස්ථභාවය නිසා පැන නැගී ඇති අධ්‍යාපන විෂමතාවන්ට පිළියමක් වශයෙන් දිවයිනම ආවරණය වන පරිදි ගුවන් විදුලි අධ්‍යාපන නාලිකාවක් ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපුරා ගැනීමට යම් කාලයක් ගත වන බැවින්, අධ්‍යාපනය සඳහාම වෙන් වූ ගුවන් විදුලි නාලිකාවක් කඩිනමින් ආරම්භ කිරීමට හැකි වන පරිදි දැනට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු නාලිකා අතුරින් දිවයිනම ආවරණය වන නාලිකාවක් අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීම සඳහා යොදා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.