තවත්
    මුල් පිටුවසංචාරකච්චතිව් දූපතට ගිය සංචාරයක මතක

    කච්චතිව් දූපතට ගිය සංචාරයක මතක

    අවුරුද්දට දින දෙකක් පමණක් මහ ජනතාවට යාමට අවසර ලැබෙන කච්චතීව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පසු ගිය මාර්තු මස 06 සහ 07 වන දින පැවත්විණි.

    ලංකාවේ යාපනය කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට කිලෝ මීටර් 80ක් පමණ ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටා ඇති මෙම දූපත වර්ග කිලෝමීටර් 3/4 ප්‍රමාණයේ කුඩා දූපතකි.මෙම දූපත ලංකාවට අයත් දූපත් වලින් ඈතින්ම පිහිටා ඇති දුපත වන අතර ඩෙල්ෆ් දූපත පසු කර යායුතුය.මෙම දූපතේ පිහිටා තිබෙන එකම ගොඩනැගිල්ල ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය පමණි.කුරිකට්ටුවාන් ජැටියේ සිට පැය 4 ක පමණ ගමනකින් පසුව මෙම කච්චතීව් දූපතට ළගා විය හැකි අතර එම දූපත ලංකාවට වඩා වඩාත්ම ළගින් පිහිටන්නේ ඉන්දියාවේ රාමේස්වර්න් ප්‍රදේශයටය.

    මෙම උත්සවය සදහා ලංකාවෙන් මෙන්ම ඉන්දියාවේ කිතුණු බැතිමතුන් විශාල ප්‍රමාණයෙන් සහභාගි වේ. මෙවර එම දූපතේ රාත්‍රීය ගත කිරීමට අප සහභාගි වූ අතර ආපසු එන ගමනේදී අප ගමන් ගත් බෝට්ටුව ඇතුළු තවත් බෝට්ටු කීපයක් නිවැරැදි මාර්ගය සොයා ගැනීමට නොහැකිව මුහුදේ අතරමං වී ඉන්දියාවේ ධනුෂ්කොඩි ප්‍රදේශය ට සහ ලංකාවේ තලේමන්නාරම ප්‍රදේශය ආසන්නයට ගමන් ගත් අතර පසුව නාවික හමුදාවේ අධාර උපකාර ඇතැතිව පැය 9කට පමණ පසු යාපනයේ කුරිකට්ටුවාන් ජැටියට ළගා විය.

    මංගල්‍යය සදහා නාවික හමුදාවේ කාර්යභාරය

    ලක්ෂිත මන්දාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img