fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරුවරු මහමඟ අවුරමින් උද්ඝෝෂණයේ - සඳුදා වෙන දේ ගැන රජය කියයි

    ගුරුවරු මහමඟ අවුරමින් උද්ඝෝෂණයේ – සඳුදා වෙන දේ ගැන රජය කියයි

    කොළම කොටුව ඇතුළු රට පුරා නගර ගණනාවක ගුරු – විදුහල්පති සංගම් 30කට අධික සංඛ්‍යාවක් උද්ඝෝෂණ පවත්වමින්, පාගමනින් යන අතරතුර ගුරු සංගම් කිහිපයක් මහභාණ්ඩාගාර ලේකම් පීබී ජයසුන්දර හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ.

    සඳුදා නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවට ලේකම්වරයා එහිදී පොරොන්දු වී ඇති අතර අධ්‍යාපන අමාත්‍ය ජීඑල් පීරිස් මහතා සමඟ ද මීට පෙර සාකච්ඡාවක් ද පවත්වා ඇත.

    ඒ පිළිබද ස්ථිර තීරණයක් ගන්නා තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ගෙනයන බව වෘත්ති සංගම් නායකයකු වන ජොෂෙෆ් ස්ටාලින් පවසයි.

    ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් පවත්වන උද්ඝෝෂණ හේතුවෙන් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිට මෙන්ම රටපුරා නගර කිහිපයක මාර්ග අවහිර වී තිබේ.

    අද උදෑසන උද්ඝෝෂණ ආරම්භ කර තිබූ අතර උද්ඝෝෂකයින් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීම හේතුවෙන් කොටුවේ මාර්ග කිහිපයක් අවහිර වී ඇත.

    ත්‍රිකුණාමලය, බලංගොඩ ඇතුළු නගර ගණනාවක ප්‍රදේශවල ද මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව වාර්තා වේ.

    වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි ගුරු – විදුහල්පති වෘත්තීය සමිති 30කට අධික සංඛ්‍යාවක් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වේ.

    ගුරු සංගම් නියෝජිතයින් කිහිපදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරී සමඟ සාකච්ඡාවකට ගොස් ඇතැයි ද වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.