fbpx
තවත්
    මුල් පිටුවඅධ්‍යාපනයපුංචි පැටියාගේ පෝෂණය ගුණ වගේම රසයෙනුත් පුරවන්න

    පුංචි පැටියාගේ පෝෂණය ගුණ වගේම රසයෙනුත් පුරවන්න

    පුංචි පැටියා මව්කිරි බොන කාලය තුළ නම් වදයක් නෑ නේ ද? ඒත් මාස 06 න් පසුව කෑම ටික කැවීම යුද්ධයක් වගේ ඕනෑම අම්මා කෙනෙකුගේ බලාපොරොත්තුව මේ පුංචි බණ්ඩිය පුරවලා ලොකු කරගන්න. ඒත් මේ පුංචි බණ්ඩිය ඔහේ පුරවලා වැඩක් නෑ. නිරෝගීමත් සෞඛ්‍යමත් පරිදි ගුණය රැකෙන පරිදි පුංචි පැටියා  කැමති විදියට මේ බණ්ඩිය පිරිවීම තුළ තවදුරටත් යුද්ධයක් නොවී දරුවත් මවත් යා කරන සෙනෙහස පාලමක් කරගන්න ඔබට හැකියාව තියේවී.

    කහවත්ත මුලික රෝහලේ නිරෝෂා හේවගේ මහත්මිය

    හෙද විද්‍යාවේදී උපාධිධාරි, වාට්ටු කළමණාකරණ හා අධීක්ෂණ (ඩිප්ලෝමාධාරිනි)

    මාස 06 න් පසු ආහාර ලබාදීම

    6 Months Old - Baby Growth, Development, Milestones & Activities

    ඔබේ දරුවාට මාස 06 ක් යනතුරු (සම්පුර්ණ) මව් කිරි පමණක් ලබාදීමට උපදෙස් දී ඇත්තේ මව් කිරි වල ඇති පෝෂණ ගුණය දරුවාගේ සිරුරේ හා මොළයේ වර්ධනයට ඉමහත් උපකාරී වන බැවිනි.

    අමතර ආහාර ලබාදීම ආරම්භ කළ යුත්තේ දරුවාට මාස 06 ක් සම්පුර්ණ වූ පසුවයි. එනම්, දරුවාගේ සීඝ්‍ර වර්ධනයක් සිදුවන නිසා මව් කිරි වලට අමතරව අමතර ආහාර ලබා දීම ආරම්භ කළ යුතුයි. එසේ නොමැති වුවහොත් දරුවාගේ කායික / මානසික වර්ධනයට අවශ්‍ය පෝෂක නොලැබීයාමේ අවධානමක් තියනවා.

    එවිට දරුවාගේ වර්ධනය අඩාල වීමත් බුද්ධි වර්ධනය හීනවීමත් සිදුවේ.

    දරුවාට අමතර ආහාර රටාවට හුරුවීමක් වුවත් මව් කිරි ලබාදිම නතර නොකල යුතුයි.

    අමතර ආහාර ලබාදීමේ දී මේ ක්‍රම අත්හදා බලන්න.

    අමතර ආහාර වේල ආරම්භ කරන මුල් අවස්ථාවේ දී උකු ගතියෙන් ආරම්භ කරන්න.

    වරකට එක් ආහාර ප්‍රමාණයකින් තේ හැන්දෙන් 01 – 02 ක් වැනි කුඩා ප්‍රමාණයකින් හඳුන්වා දෙන්න.

    ක්‍රමයෙන් ආහාර වේල් ප්‍රමාණය වැඩි කරන්න.

    දින 02 – 03 ක් යනතුරු එකම ආහාර රටාව හුරු කරවන්න.

    • තද කොළ පැහැ – එළවළු
    • තද කහ පැහැ – පළතුරු
    • කව්පි
    • කඩල
    • කොස් ඇට
    • කජු මද
    • සෝයා
    • පරිප්පු
      වැනි විවිධ වර්ගයෙන් එක් වර්ගය බැගින් හුරු කරන්න.
    Feeding your baby: 6–12 months

    දින 100 මාස 06 සම්පුර්ණ වූ පසු අමතර ආහාර වේල් වලට සත්වමය ආහාර ද හඳුන්වා දෙන්න.

    ක්‍රම ක්‍රමයෙන් ආහාර වේල් 02 ක් හෝ අවම වශයෙන් ලබා දෙන්න.

    එම ආහාර වේල් ප්‍රධාන ආහාර වේල් 03 ක් හා කෙටි ආහාර වේල් 02 ක් දක්වා වර්ධනය කරගන්න.

    ඔබ සැලකිලිමත් වන්න!

    ආහාර පිළියෙල කිරිමේ දී පොල්තෙල්, පොල්කිරි, බටර්, මාජරීන් එක් කරමින් වැඩි පෝෂණයක් වගේම රසයක් ලබාදීමට හැක.

    හැබැයි සීනි / ලුණු රහිත විය යුතුයි.

    සත්වමය ආහාර එක් කිරිමේ දී මාස 06 න් පසු බිත්තර කහමදය ඊට අමතරව හාල්මැස්සන් බැඳ කුඩුකර ලබාදීමට හැක.

    ඔබගේ දරුවා වයසට වඩා බර අඩු නම් මෙයින් හැගෙන්නේ දරුවා නිසි වර්ධනය පැවැත්ම, ක්‍රියාශීලීත්වය සඳහා අවශ්‍ය පෝෂණය, ශක්තිය ප්‍රමාණවත්ව නොලැබී ඇති බවයි.

    දරුවාගේ බාහිර ලක්ෂණ ලෙස උසට සරිලන ලෙස බර වර්ධනය වී නැත. කෙට්ටුයි.

    මෙවැනි දරුවකු සිටින මවක් නම්, උදෑසන ආහාරය කිසිම විටක අතපසු නොකළ යුතුයි. පෝෂණය / ශක්තිය පිරි සමබල ආහාර වේලක් ලබා දිය යුතුයි.

    ප්‍රධාන ආහාර වේල් 03 අනිවාර්යෙන්ම වගේම අමතර ආහාර වේල් රටා 02-03 ක් ද දිය යුතුයි.

    දිනපතා විනාඩි 30 ක් ශාරීරික ක්‍රියාකාරකම් ලබා දීමට උපදෙස් ලබා දෙන්න.

    Feeding Schedule for 6 Month Old Baby: Food Ideas, Recipes & Tips

    බර අඩුවීමට ප්‍රධාන හේතුව

    දරුවාට පැණි රස ආහාර බහුලව ලබා දීමට මව පෙළඹීම වෙන්න පුළුවන්.

    ඒ නිසා බිස්කට්, පිටිකිරි, ක්ෂණික ආහාර, පැණි බීම, ටොෆි, චොක්ලට් ලබාදීම අඩු කරන්න.

    තව ද මව්වරු වයස අවුරුදු 02 දක්වාම ප්‍රධාන ආහාර වේල ලෙස මව්කිරි ලබා දීම නොකළ යුතුයි.

    ඒ වෙනුවට දරුවාට ප්‍රධාන ආහාර වේලක් ලබා දී අවශ්‍ය නම් ඉන්පසුව මව් කිරි ලබාදීමට හැක.

    බර වැඩි දරුවකුට ආහාර ලබාදීමේ දී බර වැඩි යනු දරුවාගේ වර්ධන පැවැත්ම හා ක්‍රියාශීලීත්වය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර ශක්තිය ලැබී ඇති බවයි.

    මෙවැනි තත්ත්වයක දී දරුවාගේ බර තවදුරටත් වර්ධනය සුදුසු නැත.

    දරුවාගේ උදරයේ තෙල් තැන්පත් වී උදරය ඉදිරියට නෙරාවිත් සිරුරේ හැඩය ඇපල් ගෙඩියක හැඩය ගනී නම් මෙය අවලස්සනක් සේම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ද අවධානම්.

    ඒත්, මෙවැනි දරුවන් ආහාර ලබාදිමේ දී ප්‍රධාන වේල් 03 අමතක කරන්න එපා. (පෝෂණීය සමබල ආහාර රටාවක් ලෙස ලබා දෙන්න)

    දරුවාගේ බර අඩු කර ගෙන පෝෂණීයව ආහාර රටාව ලබාදීමට ඔබ සැලකිලිමත් වන්න.

    මෙවැනි මවක් නම් ඔබ, දරුවා ක්‍රීඩා වලට යොමු කරන්න.

    දරුවාගේ බර අඩු කරගන්න.

    බඩගින්න නිවෙන්නට පමණක් ආහාර රටාවට හුරු කරන්න.

    පිගානේ බත් චුට්ටක් කර ඒ වෙනුවට පලා, එළවළු වැඩිපුර ඉඩ ලබා දෙන්න.

    තෙල් (ටාන්ස් මේදය, සංතෘප්ත මේදය) පිෂ්ඨය, සීනි, පැණි රස, ක්ෂණික ආහාර රටාව අඩු කරන්න.

    කෙඳි බහුල, තන්තු වැඩි ආහාර (එළවළු, පළතුරු, පලා, නිවුඩු සහිත ධාන්‍ය වර්ග) නිතර ආහාරයට එක් කර ගන්න.

    පිරිසිදු වතුර පමණක් නිතර ගන්න හුරු කරන්න.

    (තිබහට සිසිල් බීම නොව නටවා නිවාගත් පිරිසිදු වතුර හුරු කරන්න.)

    කේෂාණි සෙනවිරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.