fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්A/L ප්‍රතිඵල හා විභාග අයදුමට දින නියම වෙයි

    A/L ප්‍රතිඵල හා විභාග අයදුමට දින නියම වෙයි

    අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල ලබන අගෝස්තු මාසයේ දි නිකුත් කරන බවත් එම ප්‍රතිඵල මත නැවත අයදුම් කරන අපේක්ෂකයන්ට ලබන 28 දිනෙන් අවසන්වන විභාග අයදුම් කාලය අදාළ නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒච්.ජේ.එම්.සී අමිත් ජයසුන්දර මහතා අද (19) සඳහන් කළේය.

    2023 උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් 27 ආරම්භ වී දෙසැම්බර් 21 දිනෙන් අවසන් කිරිමට දැනටමත් දින නියම කර තිබේ. මෙම විභාගයට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවීම පසුගිය 07 වැනිදා ආරම්භ වූ අතර එය ලබන 28 වැනිදා 23.59 පැයට අවසන් වේ.

    මෙම කාලය තුළ අයදුම්පත් යොමු නොකරන විභාගයට පළමුවර පෙනි සිටින කිසිඳු අයදුම්කරුවකුට නැවත අයදුම්පත් ඉදිරිපත් කිරිමේ සහන කාලයක් ලබා නොදෙන බව අමිත් ජයසුන්දර මහතා පවසයි.

    එසේ වුවද දැනට ප්‍රතිඵල නිකුත් කිරිම ප්‍රමාද වී තිබෙන 2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන අගෝස්තු මාසයේ නිකුත් කරන අතර එම ප්‍රතිඵල මත නැවත අයදුම්පත් යොමු කරන අපේක්ෂකයන් සඳහා පමණක් අයදුම්පත් යොමු කිරීමේ කාලවකවානුවක් ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දැනුම් දීමට නියමිතය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.