fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෑම විනාඩියක් තුළම ලොව 11 දෙනෙක් බඩගින්නෙන් මියයති

    සෑම විනාඩියක් තුළම ලොව 11 දෙනෙක් බඩගින්නෙන් මියයති

    සෑම විනාඩියකටම ලොව පුරා පුද්ගලයන් 11 දෙනකු කුසගින්නෙන් මියයන බවට නවතම වාර්තාවකින් අනාවරණය වෙයි.

    දරිද්‍රතා විරෝධී සංවිධානයක් වන ඔක්ස්ෆෑම් පවසන්නේ ලොව පුරා සාගතය වැනි තත්වයන්ට මුහුණ දෙන සංඛ්‍යාව පසුගිය වසරට වඩා හය ගුණයකින් වැඩි වී ඇති බවයි.

    ඔක්ස්ෆෑම් සංවිධානය විසින් නිකුත් කරන ලද “කුසගින්නේ වෛරස් ගුණනය” නම් වූ වාර්තාව කියා සිටියේ COVID-19 නිසා සාගතයෙන් මියගිය සංඛ්‍යාව විනාඩියකට පුද්ගලයින් හත් දෙනෙකු පමණ වන බවයි.

    ලොව පුරා මිලියන 155 ක ජනතාවක් දැන් ආහාර අනාරක්‍ෂිතභාවයේ හෝ ඊටත් වඩා දරුණු තත්වයක ජීවත් වන බව එම මානුෂීය කණ්ඩායම පවසයි.

    සාගත තත්ත්වයේ පසුවන්නන් සංඛ්‍යාව පසුගිය වසරට වඩා මිලියන 20 ක් පමණ වැඩිය. ඔවුන්ගෙන් තුනෙන් දෙකක් පමණ කුසගින්නෙන් පෙළෙන්නේ ඔවුන්ගේ රට හමුදා ගැටුමක පවතින බැවිනි.

    වසංගතයක් තිබියදීත්, මේ කාලය තුළදී ගෝලීය හමුදා වියදම් ඩොලර් බිලියන 51 කින් ඉහළ ගොස් ඇති බව ඔක්ස්ෆෑම් පවසයි.

    මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට කුසගින්න නැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය මෙන් හය ගුණයක් ඉක්මවයි.

    ඇෆ්ගනිස්ථානය, ඉතියෝපියාව, දකුණු සුඩානය, සිරියාව සහ යේමනය ඇතුළු රටවල් ගණනාවක් “දරුණුතම සාගින්නෙන් පෙළෙන රටවල්” ලෙස වාර්තාවේ ලැයිස්තුගත කර ඇත.

    මේ අතර, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක හේතුවෙන් ගෝලීය ආහාර මිල 40% කින් ඉහළ ගොස් ඇත. එය දශකයක් තුළ වාර්තා වූ ඉහළම ආහාර මිල ඉහළ යාමේ අගයයි.

    තවත් මිලියන ගණනක් ජනතාව කුසගින්නෙන් පෙළීමට මෙම වැඩිවීම සැලකිය යුතු හේතුවක් වී ඇතැයි එම වාර්තාව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.