fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්තෙමහල් ගොඩනැගිල්ලෙහි වහලය සමග බිමට ඇද වැටීමෙන් සරුංගල් යවමින් සිටි පියපුතු ඇතුළු...

    තෙමහල් ගොඩනැගිල්ලෙහි වහලය සමග බිමට ඇද වැටීමෙන් සරුංගල් යවමින් සිටි පියපුතු ඇතුළු තිදෙනෙක් මියයති

    ගාල්ල මකුලුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ සිට සරුංගල් යවමින් සිටි පියපුතු යුවලක් ඇතුළු තිදෙනෙක් අද (14) සවස ඉහළ මහලෙන් බිමට ඇද වැටී මියගොස් තිබේ.

    වයස අවුරුදු 05 දරුවත් වයස අවුරුදු 41 ක පියාත් 43 වියැති අසල්වාසියෙකුත් එසේ මරණයට පත්ව ඇතැයි ගාල්ල පොලීිසිය සදහන් කළේය.

    එම ගොඩනැගිල්ල හිමිකරු 05 හැවරදි දරුවාගේ මහප්පාට අයත් බවත් ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු භාරව සිටින්නේ දරුවාගේ පියා බවත් පොලීසිය කියයි.

    ගොඩනැගිල්ලෙහි පහළ මහලේ මැද මිදුලක් ඇති බවත් එම මැද මිදුල ඉහළ මහළ දක්වාම නිරාවරණය වී ඇති බවත් පොලීසිය සදහන් කරයි. තවමත් ගොඩනැගිල්ලෙහි වැඩ අවසන්ව නැති බැවින් වැසි ජලය ඒ නිරාවරණය කර ඇති කොටසින් ගොඩනැගිල්ල තුළට වැටෙන බැවින් ඇස්බැස්ටොස් දමා තාවකාලිිකව වසා දමා තිබී ඇත. සරුංගල් අරිමින් සිටින විට ඔවුන් තිදෙනා එම ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු මත රැදී සිට ඇති බවත් තිදෙනාගේ බර උසුලා ගැනීමට නොහැකිව සෙවිලි තහඩුව කඩාගෙන ඒ අයත් සමග බිමට ඇද වැටී තිබෙන බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.