fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්භික්ෂුවක් ඝාතනයට කොන්ත්‍රාත්තුවක් දුන් විහාරාධිපති අත්අඩංගුවේ

    භික්ෂුවක් ඝාතනයට කොන්ත්‍රාත්තුවක් දුන් විහාරාධිපති අත්අඩංගුවේ

    ඉංගිරියේ විහාරස්ථානයක වැඩ සිටින භික්ෂුවක් ඝාතනයට ලක්ෂ 11 ක කොන්ත්‍රාත්තුවක් විහාරස්ථානයේ සිටින රියදුරෙකුට ලබාදුන් එම ව්හාරස්ථානයේම විහාරාධිපතිව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    ඉංගිරිය නගරයේ පිහිටි දීපාලෝක නම් ව්හාරස්ථානයේ විහාරාධිපති එසේ අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    කොන්ත්‍රාත්තතුව භාරගත් රියදුරු පලාගොස් ඇතැයිද අජිත් රෝහණ මහතා කීවේය.

    විහාරස්ථානයේ අයිතිය පිළිබඳව ඇති ආරවුලක් මෙම ඝාතන කොන්ත්‍රාත්තුවට මුල්වී ඇතැයි පොලිස් විමර්ශන වලින් පෙනීගොස් ඇත.

    පානදුර කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.