මෙරටට අනුමත කර වාරික දෙකක් දැනටමත් නිදහස් කර ඇත් විස්තීරණ ණය පහසුකමෙහි තුන්වැනි සමාලෝචනය ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී ජූලී කෝසැක් කියාසිටියේ ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයෙන් නැගී සිටිමින් දැනටමත් ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇති බවත්, තවමත් අවදානමෙන් මුළුමනින්ම ඉවත් වී නොමැති බැවින් එය ආරක්ෂා කරගත යුතු අතර ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ශ්‍රී ලංකීක ජනතාව බවයි.
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දරුණුතම අර්බුදයෙන් ගොඩඒමට අවස්ථාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අරමුණ බව මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙහිදී තවදුරටත් මාධ්‍යවේදියකු IMF ප්රකාශිකාවගෙන් ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂ අපේක්ෂකයන් පවසන පරිදි ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය හෝ ණය තිරසාර තක්සේරු වැඩසටහන යළි සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡා කරන බවට ප්‍රකාශ කරන බවයි.
ඒ පිළිබඳ පිළිතුරු දෙමින් ප්‍රකාශිකාව කියාසිටියේ ණය ප්‍රතිව්‍යුහගත සාකච්ඡා පවත්වන්නේ ණය හිමිියන් සහ ණය ගත් රට බැවින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහභාගි නොවන බවයි. කෙසේවෙතත් ණය තිරසාර තක්සේරු වැඩසටහන සම්බන්ධයෙන් මෙරට විපක්ෂය විසින් පළකරන මතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පහත ස්ථාරවයේ සිටින බව ඇය කීවේ මෙසේ ය.
“එළඹෙන ජනාධිපතිවරණයේදී සිදුවිය යුතු දේ තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වන්නේ ශ්‍රී ලංකාව මේ වනවිටත් සැලකිය යුතු ජයග්‍රහණ ලබා ඇති වැඩපිළිවෙලක් ලෙසයි. නමුත් රට එහි දරුණුතම අර්බුදයකින් සම්පූර්ණයෙන්ම ගොඩ ඒමට හැකිවීම සඳහා මෙම ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත්. තුන්වන සමාලෝචනයේ කාලය මැතිවරණයෙන් පසුව රජය සමඟ සාකච්ඡා කරනවා. ඒ නිසා ජනාධිපතිවරණය පවත්වා නව රජයක් පිහිටුවීමෙන් පසුව හෝ ජනතාවගේ තේරීම මත පදනම් වූ ප්‍රතිඵලයෙන් පසු මෙම වැඩසටහනේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අපි සූදානම්.”