fbpx
තවත්
    මුල් පිටුවspecialහමාස් නායකයා ඝාතනයට ශෝකය පළකළ මැලේසියා අගමැතිගේ පෝස්ටුව ෆේස්බුක් සමාගමෙන් අයින්කරලා

    හමාස් නායකයා ඝාතනයට ශෝකය පළකළ මැලේසියා අගමැතිගේ පෝස්ටුව ෆේස්බුක් සමාගමෙන් අයින්කරලා

    spot_img

    මැලේසියානු අග්‍රමාත්‍යවරයා විසින් හමාස් සංවිධානයේ දේශාපලනික නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සිය කනගාටුව පළකරමින් ෆේස්බුක් හි පළකර ශෝක ප්‍රකාශය ෆේස්බුක් අයත් මෙටා සමාගම විසින් ඉවත් කිරීමත් සමඟ මැලේසියානු අග්‍රාමාත්‍යවරයා සිය අප්‍රසාදය මෙටා සමාගම වෙත පළකර ඇත.

    ඒ අනුව ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී එල්ල වූ ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශාපලනික අංශයේ නාකයකයා මරණයට පත්වීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළකිරීමට හමාස් සංවිධානයේ ඉහළ පෙලේ නායකයින්ට මැලේසියානු අග්‍රාමත්‍යවරයා දුරකථනයෙන් ඇමතීම මෙලෙස සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබිණි.

    කෙසේවෙතත් එම පළකර සුළු මෙහොතකට පසුව මෙටා සමාගම විසින් එම පළකිරීම ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි. මෙලෙස සිය ශෝකය පළකිරීම ඉවත් කිරීමට මෙටා සමාගම පියවර ගැනීමත් සමඟ මැලේසියානු අග්‍රමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මෙටා සමාගම ඉතා බියගුලු ලෙස කටයුතු කරමින් සිටින බවයි.

    මුස්ලිම්-බහුතරයක් වෙසෙන මැලේසියාව පලස්තීනය සෘජුවම සිය සහය පළකරන අතර හමාස් සංවිධානයේ දේශපාලන අංශය සමඟ ඉතා හොඳ සම්බන්ධාතවයක් පවත්වාගෙන යන බවටද මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

    මෙටා ආයතනව විසින් හමාස් සංවිධානය භයානක සංවිධානයක් ලෙස නම් කර ඇති අතර එමගින් හමාස් ක්‍රියාකාරකම් වලට සහය පළකරනු ලබන කිසිවක් සිය කිසිඳු සමාජ ජලා මාධ්‍ය වෙබ් අඩවියක් පළකිරීමට වැලැක්වීමට පියවර ගෙන ඇත. මෙහිදී අදාල පළකිරීම් ස්ව්‍යං ක්‍රියව හෝ එම ආයතනයට සම්බන්ධ පිරිස් විසින් වෙන් වෙන් වශයෙන් නිරීක්ෂණය කිරීමට සිදුකරන බවට වාර්තාවේ.

    මේ අතර මැලේසියාවේ සන්නිවේදන අමාත්‍ය ෆාහි ෆාඩ්සිල් කියා සිටියේ මැලේසියාවේ රජය මෙටා වෙතින් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි. කෙසේ වෙතත්, මේ වන තෙක් මෙම පළකිරීම ස්වයංක්රීයව ඉවත් කර හෝ පැමිණිල්ලක් අනුගමනය කිරීමෙන් පසු ඉදිරියට ගෙන ගියේද යන්න පැහැදිලිව අනාවරණය වී නොමැත.

    එමෙන්ම මීට පෙර මැලේසියානු අග්‍රමාත්‍යවරයා විසින් හමාස් සංවිධානයෙන් දේශාපලනික අංශයේ නායකයාව හමුවී සාකච්ඡා පැවැත්වීමට අදාල පුවත ෆේස්බුක් හී පළකළ අවස්ථාවේදී එය ඉවත් කිරීමට මෙටා සමාගම පියවර ගෙන තිබූ අතර ඊට මැලේසියානු රජය විරෝධය පළකිරීමෙන් පසුව එය යලි ස්ථාපනය කිරීමට ඔවුන් විසින් පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

    මැලේසියාවේ විසින් දිගින් දිටම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම අවසන් කිරීම සඳහා දෙපාර්ශවයට සාධාරන විසඳුමක් යොජනා කරමින් සිටියි.

    කෙසේවෙතත් හමාස් සංවිධානයේ දේශාපලන අංශයේ නායකාය ඝාතනය කිරීම ගොලීය වශයෙන් බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් පවතින බවටද දේශපාලන විචාරකයින් ප්‍රකාශ කරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img