fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIP"චන්දිමාල්ගේ පාටි එකට මම ගියේ නෑ" - පුෂ්පිකා කියයි

    “චන්දිමාල්ගේ පාටි එකට මම ගියේ නෑ” – පුෂ්පිකා කියයි

    රූපලාවන්‍ය ශිල්පී, නිරූපණ ශිල්පී සම්බන්ධීකාරක චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට තමා සහහභාගි නොවූ බව විවාහක රූ රැජින ලෙස පසුගියදා ආනදෝලනයට ලක්වූ නිරූපණ ශිල්පිනී පුෂ්පිකා සිල්වා පවසයි.

    ඇතැම් සමාජ ජාල ක්‍රියාකාරිකයන් තමා ඊට සහභාගි වූ බව පවසමින් මඩ ප්‍රහාර එල්ල කරන බවත් ඒවා තමා ප්‍රතික්ෂේප කරන බවත් ඇය කියා සිටී.

    අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එවැනි ප්‍රචාරයන් සිදුකළ ෆේස්බුක් පේජ් සහ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද ඇය කියා සිටී.

    එමෙන්ම ඇය සිය පෝස්ටුව මගින් අදාළ සමාජ ජාල ක්‍රියාකාරිිකයන්ට අභියෝග කර ඇත්තේ තමා එඑම උපන්දින සාදයට සහභාගි වූ බවට හැකි නම් තහවුරු කරන ලෙස ය.

    රාජකීය උපන් දින සාද පවත්වන බවට ප්‍රකට චන්දිමාලල් ජයසිංහගේ මෙවර උපන් දින සාදය පෙරේදා රාත්‍රියේ ෂැංග්‍රිලා හෝටලයේදී පවත්වා තිබුණේ රටටම දැඩි සංචරණ සීමා, නිරෝධායන නීති පනවා ඇති සමයක එඑම නීති උල්ලංගනය කරමිනි.

    එම හෝටලයේ කාමර කිහිපයක එම සාදය පවත්වා ඇති අතර චන්දිමාල් සහ රංගන, නිරූපණ ශිල්පී පියුමි හංසමාලි අත්අඩංගුවට ගත් අතර අද දිනයේදී තවත් 6 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඔවුන් සියල්ලෝම අධිකරණයට එදිිනම ඉදිරිපත් කිරීමෙන් පසුව එදිනම ඇප මත මුදා හැර ඇත.

    මතත්පැන් ද යහමින් තිබී ඇති එම සාදයට සහභාගි වූ සෙසු අය සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

    පුෂ්පිකා සිල්වාගේ ප්‍රකාශය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.