තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් අවුරුද්දේ ලොකුම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේදී

    අලුත් අවුරුද්දේ ලොකුම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේදී

    සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් සැකසෙන විශාලතම කිරිබත වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි ලබන 14 වැනිදා පිළියෙල කෙරේ.

    එම කිරිබත සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් 40දෙනෙකු පමණ එක් කරගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    හාල් කිලෝ 700ක කිරිබතක් මෙහිදී පිසීමට සැලසුම් කර ඇත.

    වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාර රෝහල සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන් වෙනුවෙන් මෙම කිරිබත සැකසේ.

    ඊයේ දිනය වන විට එම අංශ තුනෙහි රඳවා ඇති මුළු රැඳවූවන් සංඛ්‍යාව 4,064කි.

    මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් වෙනුවෙන් වූ අවුරුදු උත්සවය වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී අද පැවැත්විණ.

    ඒ සදහා මරණ දඬුවම නියම වූ රැඳවියන් ඇතුළු සියළු රැඳවූවන් එක්කර ගෙන ඇති අතර ඔවුන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක්ද පැවැත්වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.

    වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රැඳවියන් සදහා වූ අවුරුදු උත්සවය මැයි මස 05 වනදා පැවැත්වීමට නියමිතය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img