fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ලොවක් සසල කළ ඔටාවා ඛේදවාචකයට මුහුණදුන් ලාංකිකයන්ට අවසන් ගෞරවය (📹)

    ලොවක් සසල කළ ඔටාවා ඛේදවාචකයට මුහුණදුන් ලාංකිකයන්ට අවසන් ගෞරවය (📹)

    කැනඩාවේ ඔටාවා හි බාර්හේවන් ප්‍රදේශයේ පිහිටි තම නිවස තුළදී සාහසිකයකුගේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් සිය පවුලම සහ හිතවතකු අහිමිව එම ඝාතකයාගේම ප්‍රහාරයෙන් බරපතළ තුවාලවලින් යන්තමින් දිවිබේරාගත් ධනුෂ්ක වික්‍රමසිංහ එරට ගිබ්ෆර්ඩ්හි ඉන්ෆිනිටි සම්මේලන මධ්‍යස්ථානයේ පැවති අවමංගල්‍යයට සහභාගි වී තිබේ.

    සර්ව ආගමික නායකයන් සහ ලාංකිකයන් මෙන්ම කැනඩාවේ අසල්වාසීන්, කැනඩා රජයේ නිලධාරීන්, විදේශිකයින් සිය ගණනක් කම්පිත වූ හදවතින් යුතුව මෙම අවමංගල්‍යයට සහභාගි වී අවසන් ගෞරව දැක්වූහ.

    ඔටාවා නගර ඉතිහාසයේ මෙතෙක් සිදුවූ ප්‍රචණ්ඩතම සමූල ඝාතනය මෙය බව කැනඩා බලධාරීහු ප්‍රකාශ කර තිබුණි.

    ඝාතන සැකකාර 19 හැවිරිදි ලාංකිකයකු වන ෆෙබ්‍රියෝ ‍ද සොයිසා බන්ධනාගාරගත කර සිටී.

    ‍ඇගිලි දෙකක් කැපීයාම නිසා එක් ඇගිල්ලක් සැත්කමකින් ප්‍රතිකාර කොට, අත වෙළුම් පටිවලින් බැඳගෙන, තුවාල කැලැල් ඇති මුහුණින් යුතුව ධනුෂ්ක වික්‍රමසිංහ මෙම අවස්ථාවට සහභාගි වී සිටිනු දක්නට හැකිවිය.

    මියගිය සිය බිරිඳ, කුඩා දරුවන් හතර දෙනා සහ පවුලේ මිතුරාගේ මරණය සම්බන්ධයෙන් ඔහු තවමත් කම්පිතව සිටින බවට අසල්වැසියන් ප්‍රකාශ කර ඇත.

    මෙම සමූල ඝාතනය සිදුවූ මොහොතේ සිටම ධනුෂ්ක කැනඩාවේ වෙසෙන කාලය පුරාවට සමීපව සිටි ස්වාමීන් වහන්සේලා පිරිසක් නිරන්තරයෙන් ඔහුට සමීපව සිටිමින් ධනුෂ්කගේ මානසික තත්ත්වය යථාතත්වයට ගෙනඒමට දැඩි ප්‍රයත්නයක නිරත වූහ.

    අවමංගල්‍යයේදී ඔටාවාහි බෞද්ධ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඇතුළු අසල්වාසී විහාරස්ථානවල ස්වාමීන්වහන්සේලාත්, දේවස්ථානවල දේවගැතිතුමන්ලා ගණනාවක් ද දේහයන් පිළිබඳ ආගමික වතාවත් සිදුකළහ.

    අවමංගල්‍ය පැවති අවස්ථාවේ අදාළ වීඩියෝ සහ ඡායාරූප පහතින්.

     

     

     

    සබැඳි පුවත්
    කැනඩාවේ සයපුද්ගල ඝාතනයේ ලාංකික සැකකරු රිමාන්ඩ් එකේ සෙසු රැඳවූවන්ගෙන් වෙන්කරයි

    කැනඩාවේ නිවසක් තුළ ලාංකිකයන් 6කගේ මළසිරුරු -දරුවන් 4ක් ඒ අතර

    කැනඩාවේ ඝාතනයට ලක්වූ ලාංකික පවුල, සැකකරුට බර්ත්ඩේ පාටිත් දීලා

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.