fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැනඩාවේ ඝාතනයට ලක්වූ ලාංකික පවුල, සැකකරුට බර්ත්ඩේ පාටිත් දීලා

    කැනඩාවේ ඝාතනයට ලක්වූ ලාංකික පවුල, සැකකරුට බර්ත්ඩේ පාටිත් දීලා

    කැනඩාවේ ඔටාවාහි නිවසක කුඩා දරුවන් ඇතුළු ලාංකිකයන් 6 දෙනකු ඝාතනයකට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින, ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ලාංකික තරුණයා ලබන 14 වැනි දා අධිකරණය හමුවට යළි කැඳවීමට කැනඩා අධිකරණයක් නියෝග කර තිබේ.

    දරුවන් 4 දෙනකු ඇතුළුව 6පුද්ගල ඝාතනයට පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර ෆෙබ්‍රියෝ ද සොයිසා

     

    චූදිත සැකකරු අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී විනිසුරු ඇන්ඩෲ සේමූර් ඔහුට නියෝග කළේ රෝහල්ගතව සිටින පියා සමඟ හෝ පොලිසියට ප්‍රකාශ ලබා දුන් තවත් සාක්ෂිකරුවන් හතර දෙනෙකු සමඟ කතා කිරීම තහනම් බවයි.

    සැකකරුට එරෙහිව ඝාතන ‍චෝදනා 6ක් සහ ඝාතනයට තැත්කිරීමේ චෝදනාවක් මත චෝදනා ගොනු කර ඇති අතර නඩුව මාර්තු 13 වැනිදාට කල් තැබුවේ ඔහුට නීතීඥයකු සොයා ගැනීමට කල් ලබා දීම සඳහාය.

    තුවාල ලැබූ ධනුෂ්ක වික්‍රමසිංහ සහ ඝාතනයට ලක්වූ දර්ශනී සහ දරුවන්.

    ඔටාවාහි බාර්හේවන්හි නිවසක් තුළ තිබී එකම පවුලේ මව, දරුවන් 4 දෙනකු, වැඩිහිටි පිරිමි පුද්ගලයකුගේ සිරුරු පොලීසියට පසුගිය බදාදා රාත්‍රියේ හමුවී තිබුණේ පොලීසියට ලද ඇමතුම් ඔස්සේ වහා ක්‍රියාත්මක වී නිවසට ගිය අවස්ථාවේදී ය.

    නිවසට යනවිට නිවස ඉදිරිපස සිටි දරුවන්ගේ පියා බරපතළ කැපුම් තුවාල සහිතව උදව් ඉල්ලමින් වැටී සිට ඇත.

    අවට වෙසෙන කිසිවකු පොලීසියට ඇමතුම් දී ඇත්තේ තුවාල ලත් පියා නිවසින් පිටතට පැමිණ පොලීසියට අමතන ලෙස කෑගසමින් ඉල්ලා සිටි නිසා බව කැනඩා පුවත් වාර්තා කළේය.

    ඔහු පොලිසිය විසින් වහා රෝහල්ගත කර ඇති අතර ඔහුගේ ඇගිල්ලක් වෙන්වී තවත් ඇගිල්ලක් බද්ද කිරීමට සිදුවූ බවත් ඇස අසලින් මූහුණේ ගැඹුරු කැපුම් තුවාලයක් හා පපුවට හා පිට පසුසින් ද කැපුම් තුවාල ඇති බවට කැනඩා පුවත් වාර්තා කර තිබුණි. ඔහු සවස් වරුවේ පිරිසිදු කිරීම් රැකියාව නිම කර නිවසට ගොඩවන විටම මෙම පිහිඇනුමට ලක්ව ඇති බවට පවසා ඇතැයි ද එම වාර්තාවල දැක්විණ. මේ වනවිට ඔහු විශාල කම්පනයකින් පසුවන බැවින් වැඩිදුර විස්තර පිළිබඳ වාර්තා වී නොමැති බව සඳහන් ය.

    කෙසේවෙතත් පොලීසිය නිවසට යනවිට සැකකාර තරුණයා ද වහා අත්අඩංගුවට ගත හැකිවී ඇත.

    සැකකාර තරුණයා ද මෙම නිවසේ වින්දිතයින් සමඟ කලක සිට වාසය කර ඇත. සැකකරු එහි බිම්මහලේ වාසය කර ඇත්තේ ඝාතනයට ලක්වූ වැඩිහිටි පිරිමි පුද්ගලයා ද සමඟිනි.

    ඝාතනයට ලක්ව තිබුණේ නිවසේ වාසය කළ 35 හැවිරිදි මව වන දර්ශනී ඒකනායක, 7 හැවිරිදි පුත් ඉනුක වික්‍රමසිංහ, 4 හැවිරිදි අශ්විනි, දෙහැවිරිදි රින්යානා සහ මාස 2ක් වයසැති කෙලී වික්‍රමසිංහ සහ 40 හැවිරිදි අමරකෝන් මුදියන්සේලාගේ ගාමිණී අමරකෝන් නමැත්තා ය. තුවාල ලබාඇත්‍තේ දර්ශනීගේ ස්වාමිපුරුෂයා වන ධනුෂ්ක වික්‍රමසිංහ ය.

    කැනඩා පුවත්පතක් වාර්තා කර තිබූ පරිදි දර්ශනී සහ ඇගේ පවුල මෙම නිවසේ වාසය කරමින් සිට ඇත. ටික කලක සිට සැකකාර තරුණයා කැනඩාවේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණ ඔහුට මෙම නිවසේ බිම්මහලේ නවාතැන් දී ඇත. ඝාතනයට ලක්ව තිබූ පිරිමි පුද්ගලයාද එම තරුණයා සමග බිම්මහලේ නවාතැන් ගෙන සිට ඇත.

    ගිය සතියේ දිනක සැකකාර තරුණයාගේ 19 වැනි උපන් දිනය යෙදී තිබීම වෙනුවෙන් ධනුෂ්ක සිය පවුල සමඟින් සැකකරුට උපන්දින සාදයක් ද පවත්වා ඇති බව කැනඩා පුවත් වාර්තා කළේය.

    ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති මෙම සැකකාර තරුණයා වීඩියෝ ගේම් සඳහා ඇබ්බැහි වී සිටින අයකු බවට ද ඇතැම් පුවත් වාර්තා කර තිබුණි.

    කොවිඩ්-19 වසංගතය ආරම්භ වූ කාලයේ ධනුෂ්ක සිය පවුල සමඟින කැනඩාවට පැමිණ ඇති බවට ද වාර්තාවල දැක්වේ.

    කෙසේවෙතත් ෆෙබ්‍රියෝ නමැති සැකකරු ධනුෂ්කගේ නිවසේ වාසයට පැමිණ ඇත්තේ මාස 2ක පමණ සිට බව එහි සඳහන් ය.

    ඇල්ගොන්කින් විද්‍යාලයේ ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත්තේ ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති සැකකරු එහි ශිෂ්‍යයෙකු වන බවත් ඔහුගේ අවසන් වාර වාරය 2023 ශීත ඍතුවේ පැවති බවයි.

    මෙම ඝාතනය පිළිබඳ මුල් අවස්ථාවේදී කැනඩා පොලීසිය වාර්තා කර තිබුණේ මෙය සමූහ වෙඩි තැබීමක් බවයි. නමුත් පසුව වාර්තා කර ඇත්තේ සමූහ පිහි ඇනුමක් බවත් තියුණු ආයුධකයකින් පහර දී ඇති බවට පෙනී යන බවත් ය.

    විමර්ශනය සිදුවන බැවින් වැඩිදුර විස්තර ලබාදීම කැනඩා පොලීසිය ප්‍රතික්‍ෂේප කර ඇත.

    සාමකාමී නගරයක් වන එම නගර ඉතිහාසයේ සිදුවූ වඩාත් බිහිසුණුතම ප්‍රචණ්ඩකාරී සිදුවීම මෙය බවට එහි බලධාරීන් පවසා තිබුණි.

    ඝාතනය සිදුවූ ධනුෂ්ක‍ගේ නිවස අසල අසල්වැසියන් ශෝකය පළකරමින් මල්, සෙල්ලම් බඩු තබා ඉටිපහන් දල්වා ඇති බව එහි වාර්තා සදහන් කරයි.

    විඔටාවාහි හිල්ඩා ජයවර්ධනාරාමය පැවසුවේ දැනට විපතට පත් වූවන්ගේ පවුල් සඳහා පරිත්‍යාග එකතු කරන බවත්, සෙනසුරාදා පෙරවරු 11 ට පැල්මඩියෝ උද්‍යානයේ දී ඉටිපන්දම් දල්වා විපතට පත්වූවන් සිහිකිරීමේ අනුස්මරණයක් පවත්වන බවත්ය.

    සබැඳි පුවත්
    කැනඩාවේ නිවසක් තුළ ලාංකිකයන් 6කගේ මළසිරුරු -දරුවන් 4ක් ඒ අතර

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.