තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහින්ද තැබූ වාර්තාවක් බින්ඳ මනුෂ කරපු දේ..

    මහින්ද තැබූ වාර්තාවක් බින්ඳ මනුෂ කරපු දේ..

    කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය ඊයේ (21) එළි දක්වනු ලැබූ අතර එහි පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කර තිබේ.

    1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ය.

    මෙම අවස්ථාවට එක්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ප්‍රඥප්තිය ගෙන ඒම නිසාම ඇමැතිධූරයෙන් ඉවත් කිරීමට ලක්වූ දක්ෂ නායකයෙක් බවද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.

    ළාබාලතම කම්කරු ඇමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා තැබූ වාර්තාව තමන් විසින් බිද දමා ඇති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

    කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පාසල් මට්ටමින් මුද්දර නිර්මාණ තරගයක් පැවැත්වීය.

    එම තරගයෙන් ජයගත් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලි දියණියගේ නිර්මාණය මුද්දරය සදහා යොදාගෙන තිබුණි.

    එහි දෙවැනි ස්ථානය දිනාගත් එම විද්‍යාලයේම සෙනුලි බිහන්ගා විජේසේකර දියණියගේ නිර්මාණය මුල් දින කවරය ලෙස යොදාගෙන තිබුණි.

    මෙරට කම්කරු ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ සියලු දෙනා වෙනුවෙන් මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙහිදී සදහන් කළේය.

    කම්කරු දෙපාර්තමේන්තුවට වසර 101ක් ගතවීමට පෙර නව රැකි රක්ෂා පනත ගෙන එමින් මෙරට කම්කරු ක්ෂේත්‍රය උඩු යටිකුරු කිරීමට කටයුතු කරන බවත්, මෙතෙක් කම්කරු ක්ෂේත්‍රයේ පැවති අඩුපාඩු සියල්ලටම විසදුමක් සහ ශ්‍රමයට නිසි ගරුත්වයක් ලබාදීමට නව රැකි රක්ෂා පනත මගින් අවකාශය උදාවන බවද අමාත්‍යවරයා පැවසුවේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img