තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'ඉවසුවාට ස්තූතියි'

    ‘ඉවසුවාට ස්තූතියි’

    දිවයිනට බලපෑ විදුලි බිඳවැටුම ඊයේ (09) මධ්‍යම රාත්‍රීය වනවිට 100%ක් ම සාර්ථකව යථාතත්ත්වයට පත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    ඊයේ පස්වරු 5ට පමණ සිදුවූ මෙම බිඳවැටුම මධ්‍යම රාත්‍රිය වනතෙක් පැවතුණි.

    කොත්මලේ සිට බියගම දක්වා වූ සම්ප්‍රේෂණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිඳවැටීීම සිදුවී තිබුණි.

    එය පද්ධතියේ සමතුලිත බව රඳවා ගනිමින් යථාතත්වයට පත්කිරීම කොටස් වශයෙන් සිදුවිය.

    බො‍හෝ ප්‍රදේශවලට පැය 5කට අධික කාලයක් පැවති එම විදුලිය බිඳවැටීම නිසා මෙවැනි හදිසි අවස්ථාවක පාරිභෝගික ජනතාව ඉවසීමෙන් කටයුතු කිරීම පිළිබඳව තම ආයතනය අගය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img