ඉතාම කෙටි කාලයක් තුළ ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හමුවේ ජලය පිරීයන ස්ථාන 20ක් පමණ කොළඹ නගරයෙන් හඳුනාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.
එවැනි ස්ථානවල පහළ ජල ධාරා ප්‍රදේශවල පවතින අනවසර ඉදිකිරීම් හේතුවෙන් ඇතැම් ස්ථාන නිවැරදි කරගැනීමේ අපහසුවක් පවතින බව එහි නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සඳහන් කළා ය.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව,වරාය අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතන සමඟ එක්ව මෙම තත්ත්වය පාලනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇතැයිද ඇය කීවාය.