fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝප් සභාපතිගේ ක්‍රිකට් තනතුර -පුතා කමිටුවට ආ හැටි ප්‍රශ්න උත්තර සියල්ල එළියට

    කෝප් සභාපතිගේ ක්‍රිකට් තනතුර -පුතා කමිටුවට ආ හැටි ප්‍රශ්න උත්තර සියල්ල එළියට

    පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ විමර්ශනය කිරීමට සහභාගී වීම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහු අතර තිබූ සම්බන්ධය හෙළිදරව් නොකර කටයුතු කිරීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (16) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබේ.

    කෝප් කමිටුවේ සභාපතිවරයා වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා, ක්‍රිකට් ආයතනයේ කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියේ උපදේශකවරයකු ලෙස කටයුතු කිරීම නිසා ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුවට ගෙන්වා ප්‍රශ්න කිරීමේදී ලැබැදියාව අතර ගැටුමක් නිර්මාණය වීමේ තත්ත්වය උදාවන බව විපක්ෂනායකවරයා පෙන්වා දුනි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් හී Brain Center ස්ථාපිත කිරීමේ ව්‍යපෘතියකට Business Management School of Colombo ආයතනය, උපදේශක සේවාව සපන්නෙකු ලෙස පත්කර තිබූ බවට තොරතුරු හෙළිවී ඇති බවත් හෙතෙම කීය.

    ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවක ලැබැදියාව අතර ගැටුම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඇති බවත්, මෙවැනි ගැටුමක් ඇති විට පාර්ලිමේන්තු කමිටුවල තනතුරු හෙබවිය නොහැකි බවත්, එසේ තිබියදී මොහු කෝප් කමිටුවේ සභාපතිධූරයේ කටයුතු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

    විපක්ෂ නායකවරයාට රාජ්‍ය මුදල් කාරක සභාවට සහභාගී විය නොහැකි බවට තීන්දු කළ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, තම පුත්‍රයා වන කණ්ෂ්ක බණ්ඩාරට කෝප් කමිටුවේ අසුන් පැනවූයේ කෙසේද යන්න ද පැහැදිලි කළ යුතු බව විපක්ෂනායකවරයා අද ප්‍රශ්න කළේය.

    කෙසේ වෙතත් එමගින් තම වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත්, විපක්ෂ නායකවරයා ප්‍රකාශ සඳහන් කළේ මෙසේය.

    විපක්ෂනායකවරයා කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ලිපියක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ තම පුත්‍රයා වන කණිෂ්ක බණ්ඩාර කෝප් කමිටුවට සහභාගි වූයේ තම සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස බවයි.

    කණිෂ්ක බණ්ඩාර මහතාට කෝප් කමිටුව පැවැත්වෙන පරිශ්‍රයේ රැඳී සිටිමට තමන් කළ ඉල්ලීමට අනුව පසුගිය(13) වනදා පාර්ලිමේන්තුවේ සහකාර වේත්‍රධාරියා අවසර ලබාදී ඇති බව ද හෙතෙම සඳහන් කර ඇත.

    එසේම මීට පෙර වෙනත් විෂයන් සම්බන්ධයෙන් කෝප් කමිටු රැස්වීම් පැවැත්වූ අවස්ථාවන්හිද කණිෂ්ක බණ්ඩාර මහතා එම පරිශ්‍රයේ රැඳී සිට ඇති බව මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිකුත් කළ ලිපියේ දැක්වෙයි.

    එමෙන්ම 2018 වසරේ ක්‍රිකට් ආයතනයේ තිලංග සුමතිපාල මහතා සභාපතිධුරය දැරූ කාලවකවානුවේදී ක්‍රිකට් පාසලක් ආරම්භ කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් සකස් කර දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ බව කෝප් සභාපති කියාසිටී.

    කොළඹ ව්‍යාපාර පාසල වෙනුවෙන් එම කටයුත්තේ ප්‍රධාන උපදේශකයකු ලෙස කටයුතු කිරීමට තමන් එකඟ වූ බව ඔහු පවසා ඇත.

    එම කටයුත්ත අතරමැද නැවතුණු බවත් ඒ වෙනුවෙන් කිසිදු අයකිරීමක් සිදුනොකළ බවද මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය නිවේදනයෙන් පැහැදිලි කර සිටියි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලය ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සකස් කිරීම සඳහා Colombo School of Business and Management ආයතනය වෙනුවෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කළද ඒ වෙනුවෙන් ඒ මහතාට කිසිදු ගෙවීමක් කර නොමැති බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.