fbpx
තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් රෝගීන්ට හැදෙන කළු දිලීර රෝගය වසංගතයක් ලෙස ඉන්දියාවේ ප්‍රකාශයට පත්කෙරේ

    කොවිඩ් රෝගීන්ට හැදෙන කළු දිලීර රෝගය වසංගතයක් ලෙස ඉන්දියාවේ ප්‍රකාශයට පත්කෙරේ

    කොවිඩ් – 19 ආසාදනය වූ රෝගීන් සුව වෙමින් පවතින විට ඇතිවන ‘කළු දිලීර තත්ත්වය හෙවත් මියුකෝමයිකෝසිස් රෝගය’ වසංගතයක් සහ වහාම දැන්විය යුතු රෝගයක් ලෙස ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක රජයන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ .

    ඒ ඉන්දියාවේ රාජස්ථාන් සහ තෙලන්ගනා ප්‍රාන්ත වේ.

    මහජන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා විසින් තෙලන්ගනා ප්‍රාන්තය තුළ 1897 වසංගත රෝග පිළිබඳ පනතේ වහා දැන්විය යුතු රෝග යටතට මෙය ලැයිස්තුගත කර ඇත.

    2020 රාජස්තාන් වසංගත පිළිබඳ වන නව පනත යටතට එහි රජය විසින් මෙම රෝගය ලැයිස්තුගත කර ඇත.

    මේ අනුව ඉදිරියේදී එම රෝගය වාර්තා වන සියලු රෝගීන් පරික්ෂා කිරීම රෝග විනිශ්චය කිරීම අධීක්ෂණය ආදී කටයුතු සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ.

    රාජස්ථාන් ප්‍රාන්තය තුළ කලු දිලීර තත්ත්වය ඇතිවු රෝගීන් සියයකට අධික වාර්තා වී ඇත.

    තවදුරටත් එවැනි සිද්ධීන් වාර්තා වෙමින් පවතින බව එරට පුවත් සදහන් කරයි.

    තෙලන්ගනා ප්‍රාන්තය ද මේ වන විට අසූවකට අධික මෙවැනි රෝගීන් වාර්තා වී ඇත.

    ඉන්දියාව පුරා මෙම රෝගය උත්සන්න වීමෙන් මරණ ගණනාවක් ද සිදුවී ඇති අතර ඇතමුන්ගේ දෑස් අන්ධ වීම ද වාර්තා වීමද තිබේ.

    කළු දිලීර තත්ත්වය හට ගන්නා රෝගීන් වෙනත් විශේෂ ඒකකයක් වෙත යොමු කෙරෙන අතර මෙම රෝගයට ප්‍රතිකාර කිරීම කොවිඩ් වෛරස ප්‍රතිකාරය අනුකූල වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කෙරේ.

    මෙම කළු දිලීර තත්ත්වය හට ගන්නේ covid ආසාදනයෙන් පසු සිලින්ඩර් මගින් දියර ඔක්සිජන් ලබාගන්නා රෝගීන්ට බව හෙළිවී තිබේ.

    covid 19 ආසාදනයන් සුව වූ පසු අඛණ්ඩව ලබා ගත යුතු ඖෂධ නියමිතව ලබා නොගැනීම තුළින්ද මෙම රෝගී තත්වය හට ගත් බවට පසුගිය දිනවල ඉන්දියාව වාර්තා කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.