තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පස්බැම්ම කඩාවැටී මහනුවර පැරණි රජවාසල මාළිගාවට අවදානමක්

    පස්බැම්ම කඩාවැටී මහනුවර පැරණි රජවාසල මාළිගාවට අවදානමක්

    මහනුවරට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ශ්‍රී දළදා මාලිගාවට නුදුරින් පිහිටි පැරණි රජවාසල මාලිගාව ඉදිරිපිට දිය අගල ආසන්නයේ බැම්මේ කොටසක් කඩා වැටී තිබේ.

    පැරණි රජවාසල මාලිගාව ඉදිරිපිට කෙටසක් මෙලෙස කඩා වැටීම නිසා එම මාලිගාවට ද යම් අවදානමක් මතුවී ඇත.

    මීට වසර තුනකට පමණ ඉහතදී මෙම බැම්මේ විෂ්ණු දේවාලය ඉදිරිපට කොටස කඩාවැටුණු අතර එහි ඉදිකිරීම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිමකරන ලද්දේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.

    එහි ඉදිකිරිම් සිදුවන අවස්ථාවේදී ද මීට මාස 06කට පමණ ඉහතදී කොටසක් කඩාවැටීමට ලක්විය.

    රජ මාලිගාව ඉදිරිපිට කොටසක් කඩාවැටුණු බැවින් ස්ථානය කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

    ඒ අනුව නිලධාරී කණ්ඩායමක් අද ස්ථානීය පරීක්ෂාවක් සිදුකර ඇති අතර ප්‍රතිසංස්කණ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img