වාහන ආදායම් බලපත්‍ර අද (07) සිට
නිවසේ සිටම ලබාගැනීමේ හැකියාව ජනතාවට පවතින බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, බස්නාහිර පළාතේ ජනතාවට හැර සෙසු සියලු පළාත්වල ජනතාවට එම පහසුකම ලබාගත හැකි බවයි.
එමෙන්ම ලබන වසරේ මාර්තු 31 වැනිදා සිට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීමේ කටයුතු මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද කනක හේරත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.