තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආයතන කිහිපයක් කෝප් කමිටුවට කැඳවයි

    ආයතන කිහිපයක් කෝප් කමිටුවට කැඳවයි

    ආයතන කිහිපයක් ලබන සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත ව තිබේ.

    පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අනිද්දා (05) දිනයේ වරාය අධිකාරියේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි.

    මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් ලබන 06 වනදා කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

    ලබන 08 වන දින කළුබෝවිටියාව තේ කර්මාන්ත ශාලාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.

    මේ අතර, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබන සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත කැඳවීමට නියමිත ව තිබේ.

    සැප්තැම්බර් මස 06 වන දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වෙන අතර, එදිනට ඔවුන් කැඳවා ඇති බව වාර්තා වෙයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img