තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් 8ක් රත්වෙයි - ලක්ෂයක් පීඩාවට

    දිස්ත්‍රික් 8ක් රත්වෙයි – ලක්ෂයක් පීඩාවට

    පවතින අධික වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි.

    එම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 69,113 ආපදාවට පත්ව ඇත.

    මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ, දිස්ත්‍රික්ක 8කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි.

    රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම, මුලතිව් සහ බදුල්ල එම දිස්ත්‍රික්කයි.
    එම දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 30,128 කි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img