තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් සිසුන්ට සුබ ආරංචියක්

    පාසල් සිසුන්ට සුබ ආරංචියක්

    පාසල් සිසුන්ගේ පෙළපොත් තුනකට කඩා මුද්‍රණය කර ඒ ඒ වාරයට අදාළ කොටස පමණක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමට සහ සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    පාසල් පෙළ පොතේ පලමු පරිදි ලබා දෙන අතර දෙවන කොටස දෙවන වාරයේ දී ත් තෙවන කොටස තෙවන වාරයේ දී ත් පොත් බෑගයේ බර අඩු වන බවද සඳහන් කළේය.

    මේ අතර 2024 වසරේ සිට එක වසරකට එක විභාගයක් පමණක් පැවැත් වීමට තීරණය කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව දැනට ක්‍රියාත්මක වාර තුනට විභාග තුනක් වෙනුවට වසර අවසානයේ එක් විභාගයක් පමණක් පවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img