තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොකු හයියකින් ප්‍රසිද්ධියේ කරගෙන ගිය මැණික් මුදලාලිගේ ගවඝාතකාගාරයට වූ දේ..

    ලොකු හයියකින් ප්‍රසිද්ධියේ කරගෙන ගිය මැණික් මුදලාලිගේ ගවඝාතකාගාරයට වූ දේ..

    දේශපාලන හා පොලිසියේ ආශිර්වාදය ඇතිව කාලයක් තිස්සේ ප්‍රසිද්ධියේ වැලිපැන්නේ පවත්වාගෙන ගිය නීති විරෝධි ගවඝාතකාගාරයක් වැටලීමට පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය ඊයේ සමත්විය.

    වැලිපැන්න පොලීසියේ සිට මීටර් 800ක් පමණ දුරකින් පිහිටි මෙම ගවඝාතකාගාරය තුළ වැඩි වශයෙන් මරා දමා ඇත්තේ මී ගවයින්ය. පොලීසිය වටලන විටත් මරා දැමීමට සූදානමින් මීගවයින් 13 දෙනෙක් ගැටගසා තිබී ඇත.

    කෝටිපති මැණික් ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහු පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂ එකහාමාරක මුදලක් අල්ලස් ලෙස ලබාදී ගැලවී යාමට උත්සහා දරා ඇත. එය නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ නැවතත් රුපියල් ලක්ෂ 03ක අල්ලසක් ලබාදීමට උත්සහා දරා ඇත. එයද ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දේශපාලන බලපෑම් පොලිස් නිලධාරීන්ට එල්ලවී තිබේ.

    මධ්‍යම දූෂණ මර්දන බලකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කේ.ඒ. උදයකුමාර සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ යන මහත්වරුන්ට මෙම කෝටිපති මැණික් ව්‍යාපාරිකයා මුදා හැරින්නැයි කියා එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් ඔවුන් සිය උසස් නිලධාරීන්ද දැනුවත්කර ඇත. එහිදී උසස් නිලධාරීන්ට උප දෙස් ලැබී ඇත්තේ කිසිදු බුරුලක් නොදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙසය.

    මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට මෙම වැටලීම කර ඇත. දිනකට මෙහි මීගවයින් 10ත් 15ත් අතර ප්‍රමාණයක් මරා දමන බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ. එසේ මරා දැමූ මීගවයින් රැසකගේ අං තට්ටු තොගයක්ද මෙම වැටලීමේදී සොයාගෙන ඇත.

    මෙම ස්ථානයට මී ගවයින් රැගෙන එනු ලබන්නේ දකුණෙන් සොරාගෙන බවද විමර්ශන වලින් අනාවරණය වී තිබේ. මෙම වැටලීමේදී ගවයින් මස් කිරීමට යොදාගන්නා ආයුධ කට්ටලයක්ද හමුවී ඇත.

    මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ කේ.ඒ උදයකුමාර මහතාගේ නියෝග හා උපදෙස් අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික විරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්මෙම වැටලීම කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img