තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාගම තැපැල් කන්තෝරුවටත් හොරු පනී

    රාගම තැපැල් කන්තෝරුවටත් හොරු පනී

    රාගම පිහිටි ප්‍රධාන තැපැල්කාර්යාලයේ වහලය සහ සිවිලිම කඩා ඊට ඇතුළු වූ පුද්ගලයෙකු සේප්පුව ග්‍රයින්ඩරයකින් කපා ඒ තුළ තිබුණු රුපියල් 425,000ක මුදලක් සොරාගෙන ගොස් ඇත.

    මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය සති අන්තයේ බව රාගම පොලීසිය කියයි.

    මෙම තැපැල් කාර්යාලයත් සමඟ ගෙවී ගිය මාස 03ක කාලය තුළ තැපැල් කාර්යාල 08ක් හොරු බිද රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සොරාගෙන ගොස් තිබේ.

    මෙම සොරකම් 08 ම සිදුව ඇත්තේ සති අන්ත දීර්ඝ නිවාඩු කාලයන්වලදීය. එසේම වැඩි හරියක් සේප්පු බිද තිබුණේ ග්‍රයින්ඩරයෙන් කපාය. ඒ අනුව මෙම සෑම සොරකමක්ම පාහේ එකම පුද්ගලයෙකුගේ වැඩක් බවට සැකකළ හැකිය.

    කඩවත ඉහළකරගහමුල, වෙන්නප්පුව, අලව්ව, ගල්ගමුව , වරකාපොල, කැලණිය, මහාබාගේ පිහිටි තැපැල් කන්තෝරු මෙයට පෙර හොරු බිද තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img