fbpx
තවත්
    මුල් පිටුවspecialප්‍රංශයේ ගිනිකෙළි තහනම්

    ප්‍රංශයේ ගිනිකෙළි තහනම්

    ප්‍රංශයේ එළඹෙන බැස්ටිල් දින සැමරුමේද එරට සියලුම ගිනිකෙළි විකිණීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇත.

    ජුලී 14 වැනිදාට යෙදෙන ප්‍රංශයේ ජාතික දිනය ඉංග්‍රීසි බස භාවිතා කරන රටවල් විසින් බැස්ටීල් දිනය ලෙස නම් කර ඇති අතර ඒ අනුව මෙම දිනය සැමරීමට ගිනිකෙළි භාවිතා කිරීම තහනම් කරමින් ප්‍රංශ රජය විසින් විශේෂ නියෝගයක් නිකුත් කිරීමට පියවරගෙන තිබේ.

    ප්‍රංශ රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ ඉකුත් ජුනි මස 17 හැවිරිදි නහෙල් එම් නැන්ටර්රේ හි ප්‍රංශ පොලිසිය විසින් පොලිසිය විසින් ඝාතනය කිරීමත් සමඟ ඇති වූ දැඩි කලහකාරී තත්ත්වයෙන් අනතුරුවයි.

    කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන විසින් සංවිධානය කරනු ලබන නිල ගිනිකෙළි සංදර්ශන සඳහා තහනම අදාළ නොවන බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි..

    “ජූලි 14 සැමරුමේදී මහජන සාමයට බරපතල බාධා ඇතිවීමේ අවදානම වළක්වා ගැනීම සඳහා, ජූලි 15 දක්වා ගිනිකෙළි විකිණීම, රැගෙන යාම, ප්‍රවාහනය සහ භාවිතය තහනම් වේ” ලෙසට සඳහන් කරමින් ප්‍රංශ රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමටද පියවරගෙන තිබිණි.

    ගතවූ දශක දෙකක කාලය තුලදී ප්‍රංශයේ නාගරික ප්‍රදේශ තුල වර්තා වුනු දරුණුතම ප්‍රචන්ඩ ක්‍රියා පසුගිය සතිය තුලදී වාර්තාවිය. එහිදී විශාල පොදු සහ පුද්ගලිද දේපල වලට හානි සිදුවිය. මෙහිදී පොලිසය වෙත ප්‍රහාර එල්ල කිරීමටත් වෙනත් ගිනි තැබීම් කිරීමටත් ගිනිකෙළි දරුණු අවියක් ලෙසින් භාවිතා කර තිබිණි.

    මීට පෙර වසර වලදී පවා බැස්ටිල් දිනයේ සවස් වරුවේ පොදු චතුරශ්‍රවල සහ වීදිවල සිදුවීම් බොහෝ විට තරුණයින් රතිඤ්ඤා විසි කිරීම නිසා එම සැමරුම යම් ආකාරයකින් කඩාකප්පල් වූ අවස්ථා වර්තා වූ බවද ප්‍රංශ මාධ්‍ය පෙන්වා දෙයි. .

    අග්‍රාමාත්‍ය එලිසබෙත් බෝර්න් පැවසුවේ ගිනිකෙළි සඳහා ඇති සීමාවන්ට අමතරව, සාමය පවත්වා ගැනීම සඳහා සහ “මෙම සංවේදී දින දෙක තුළ ප්‍රංශ ජාතිකයන් ආරක්ෂා කිරීම සඳහා” “දැවැන්ත” ආරක්ෂක භට පිරිසක් යොදවන බවයි.

    නිල සංඛ්‍යාලේඛනවලට අනුව අවම වශයෙන් බාලවයස්කරුවන් 1,160 ක් ඇතුළුව මෑත කාලීන විරෝධතා සම්බන්ධයෙන් 3,700 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවටද ගෙන තිබේ.

    බැස්ටිල් දිනය යනු වසර 200 කට පෙර ප්‍රංශ විප්ලවයේ ආරම්භය සනිටුහන් කිරීමට පත්වන සැමරුමක් වන අතර ඒ අනුව මෙවර බැස්ටීල් දිනය යම් ආකාරයකින් සුවිශේෂී වීමට ඉඩ පවතින බවටද ඇතැම් විචාරකයින් සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.