තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යෝධ වැවේ මාළු අල්ලන්න ගිය ඔරුව අතුරුදන්

    යෝධ වැවේ මාළු අල්ලන්න ගිය ඔරුව අතුරුදන්

    යෝද වැවේ මසුන් ඇල්ලීමට ගිය ධිවරයින් දෙදෙනෙක් ඔරුව සමඟ දියේ ගිලී අතුරුදන්ව ඇතැයි උයිලංකුලම පොලීසිය කියයි.

    සිරිකුලම, පරප්පකණ්ඩාල් හී පදිංචිව සිටි වයස අවුරුදු 55ක් සහ 37ක් වන ධිවරයින් දෙදෙනෙක් මෙසේ අතුරුදන්ව ඇත.

    ධිවර කටයුතු සඳහා ඔවුන් දෙදෙනා ඔරුවේ නැගී ගමන්කර ඇත්තේ පෙරේදා (02) සවස් කාලයේදීය. ඔවුන් දෙදෙනා නැවත ගොඩබිමට නොපැමිණි හේතුවෙන් කළ සොයා බැලීමේදී ඔවුන්ට යම් අනතුරක් සිදුව ඇති බව පෙනී ගොස් ඇති බැවින් පොලීසියට මේ ගැන ඔවුන්ගේ ඥාතීන් විසින් පැමිණිල්ලක් කර ඇත.
    වැව් ඉවුරට ගසාගෙන විත් තිබී ඔවුන් ගමන් කළ ඔරුවේ හබල සහ විදුලි පන්දමද හමුවී තිබේ. ඒ අනුව ඔවුන් දියේ ගිලී ඇති බවට සැකකෙරේ. නාවික හමුදා කිමිදුම්කරුවන් අද උදෑසන සිට යෝද වැව පීරමින් අතුරුදන් ධිවරයින් සොයා මෙහෙයුමක් දියත්කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img