තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාරු ලැබූ කොළඹ ජනප්‍රිය පාසල් පාසල්වල ගුරුවරු නියෝග නොතකා කළ දේ..

    මාරු ලැබූ කොළඹ ජනප්‍රිය පාසල් පාසල්වල ගුරුවරු නියෝග නොතකා කළ දේ..

    විධිමත් ස්ථානමාරු ලබා සිටින ගුරුවරු අනිවාර්යෙන්ම අද (12) නව සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කර තිබියදී කොළඹ ජනප්‍රිය පාසල් පාසල්වල ගුරුවරුන් වැඩි පිරිසක් එම නියෝගය කඩ කර ඇතැයි වාර්තා වේ.

    විධිමත් මාරු මණ්ඩල හරහා ගුරුවරුන්ට ස්ථානමාරුවීම් ලබාදී ඇතත් ජනප්‍රිය පාසල්වල විදුහල්පතිවරුන් තමන්ට හිතවත් ගුරුවරුන්ට මාරුවීමට ඉඩ නොදී පාසලේ රඳවාගෙන සිටින අතර එම පාසල්වලට අලුතින් ඒමට අපේක්ෂිත ගුරුවරුන්ට එම අවස්ථාව මගහැරී යන බවට මාරුවීම් ලබාගැනීමට අපේක්ෂිත ගුරුවරු පවසති.

    නව සේවා ස්ථානවලට අද දිනයේ දී වාර්තා කරන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා මීට පෙර දන්වා තිබූ අතර අධ්‍යාපන ලේකම්වරයා ද අවස්ථා දෙකකදී එවැනි දැනුම්දීමක් කර තිබූ බව ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

    ජාතික පාසල්වල ස්ථාන මාරු විධිමත් ලෙස සිදුකිරීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශයට නැතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img