තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීලාට ඇරෙන ෆයිල්

    මන්ත්‍රීලාට ඇරෙන ෆයිල්

    සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    එමෙන්ම දේශපාලනයට පිවිසෙන සියලු දෙනා වත්කම් බැරකම්වලට අමතරව බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට යෝජනාවක් ගෙන එන බව හෙතෙම කියා සිටියේය.

    මීට අමතරව අමාත්‍ය කාර්ය මණ්ඩලවලට පිවිසෙන සාමාජිකයන්ද බදු ලිපිගොනු විවෘත කළ යුතු බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ලබන අවුරුද්දේ ජනවාරි මාසයෙන් පසු අවුරුදු 18ට වැඩි වැඩි සියලු සියලුදෙනාට බදු ලිපිගොනුවක් හඳුන්වා දෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉන් අදහස් වන්නේ සියලූ දෙනාගෙන් බදු ගැනීම නොවන බව පෙන්වා දුන්නේය.

    ආණ්ඩුව ජනතාවට මුදල් දෙන්නේද එම ලිපිගොනු හරහා බව හෙතෙම සඳහන් කළේය.

    බදු ගැන ඇහුවාම අද බොහෝ දෙනා බිය වන බවත් ඒ බියද නැති කළ යුතු බවත් සියඹලාපිටිය මහතා කියා සිටියේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img