තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය ගාස්තු සංශෝධනයක්

    දුම්රිය ගාස්තු සංශෝධනයක්

    දැනට ක්‍රියාත්මක බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    පාර්ලිමේන්තුවේ දී අද (24) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    “දුම්රිය දෙපාර්තමේන්තුවේ 2021 මුළු ආදායම බිලියන 2.6යි. බිලියන 2.3ක් අතිකාල දීමනා. වැටුප් සඳහා බිලියන 7යි. ඒ නිසා පසුගිය වර්ෂවල බිලියන 10ක විතර අලාභයක් සිදුව තිබෙනවා. මේ අලාභය පියවා ගැනීමට නම් මේ ආයතනයේ තිබෙන අකාර්යක්ෂමතාවය නැති කරන්න එක උත්තරයයි තියෙන්නේ, මේවා ඩිජිටල්කරණය කරන්න ඕනේ.

    ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මාස තුනක් ඇතුළත ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ආසන වෙන්කිරීම ආදිය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරන්න.

    ඊට පස්සේ ගාස්තුවල ගැලපුමක් ඇති කරන්න ඕනේ. බස් ගාස්තුවට වඩා තුනෙන් එකක් අඩුවෙන් දුම්රිය ගාස්තුව පවත්වාගෙන යන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරන් ඒ අනුව ගාස්තු සංශෝධනයක් කළ යුතුයි.

    දෙපාර්තමේන්තුවක් ලෙස තීන්දු ගැනීමේ දී ඉතාම අමාරුයි. මේ නිසා ආයතනය කාර්යක්ෂමතාවය පවත්වාගෙන යෑම සඳහා දෙපාර්තමේන්තුගත ක්‍රමයෙන් බැහැර වෙන්න ඕනේ. ඒ නිසා අධිකාරියක් කරන්න 2001, 2002 කාලවලදී පනතක් හදලා තිබුණා. ඒක අවශ්‍ය ලෙස සංශෝධනය කරන්න මම වෘත්තීය සමිතිවලට සහ අදාළ බලධාරීන්ට දෙනවා.”

    රටේ අනාගතය වෙනුවෙන් ඒකට සහයෝගය දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img