fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගල්කිස්ස පොලීසියේ රාළහාමිලා දෙන්නෙක් කුඩුකාරයෙක් එක්ක නයිට් ක්ලබ් එකක

    ගල්කිස්ස පොලීසියේ රාළහාමිලා දෙන්නෙක් කුඩුකාරයෙක් එක්ක නයිට් ක්ලබ් එකක

    මත්කුඩු ජාවාරම්කරුවෙක් සමඟ ගල්කිස්සේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කළ ගල්කිස්ස පොලීසියේ සේවයේ නිරත කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරීවරයා විසින් අද පියවර ගත්තේය.

    මෙම මත්කුඩු ජාවාරම්කරු පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ නඩු ද පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම නිලධාරීන් දෙදෙනා මත්කුඩු ජාවාරම්කරු සමඟ රාත්‍රී සමාජ ශාලාවේ මත්පැන් පානයකරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක්ද ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරීවරයාට ලැබී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.