fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියාගේ ඝාතනයට වගකිවයුතු 'කුඩු අංජු' ප්‍රංශයේදී අත්අඩංගුවට

    ක්‍රිකට් ක්‍රීඩක ධනංජයගේ පියාගේ ඝාතනයට වගකිවයුතු ‘කුඩු අංජු’ ප්‍රංශයේදී අත්අඩංගුවට

    මෙරට ප්‍රධාන පෙලේ පාතාල අපරාධකරුවෙක් වන ගොනා කෝවිලේ අංජු නැමැත්තාව ප්‍රංශ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සිය බිරිඳ විසින් කළ පැමිණිලිල්ලකට අනුව අංජුව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඒ ඇයට කළ මරණීය තර්ජනයක් සම්බන්ධයෙනි.

    දින තුනකට පෙර ප්‍රංශ පොලීසිය විසින් අංජුව අත්අඩංගුවට ගෙන ඇති බව එරටින් ලැබෙන තොරතුරු සඳහන් කළේය.

    ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා ඝාතනයේ කොන්ත්‍රාත්කරු බව කියැවෙන්නේ අංජුය. 2018 වසරේදී ධනංජය සිල්වාගේ පියාව ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ වැඩිමහල් සහෝදරයාවද ධනංජය සිල්වා වද ඝාතනය කිරීමට ඔහු සැළසුම් කළ බව කියැවිනි.

    අංජුගේ වැඩිමහල් සහෝදරා ද පාතාලයේ නමගිය ක්‍රප්‍රකට චරිතයකි. ගොනාකෝවිලේ ලංසියා නම් වූ ඔහු කඩවතදී මහර බන්ධනාගාරය ආසන්නයේදී 2016 වසරේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මරුමුවට පත්විය. එම ඝාතනය සිදුකරනු ලැබුවේ ගොනාකෝවිලේ රොහා විසිනි. රොහා විසින් ලංසියාගේ සහෝදරයින්වද ඝාතනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී අංජු සිය දිවි බේරාගන්නේ මලයාසියාවට පළාගොසිනි. එදා සිට මේ දක්වාම ඔහු මෙරටට පැමිණ නොතිබුණි. ඔහුගේ ඉලක්කය වූයේ රොහා ඝාතනය කිරීමය.

    බන්ධනාගාරගතව සිටි රොහා ඇපමත නිදහස ලැබීමෙන් පසු බෝට්ටුවක නැගී ඉන්දියාවට පලායාමට සූදානමින් සිටියදී මීගමුව කොච්චිකඩේදී පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව මරුමුවට පත්විය. එතැන් සිට රත්මලානේ කුඩු පාතාලයේ බලය මුළුමනින්ම පත්වූයේ අංජුගේ අණසකටය.

    අංජු සිය බිරිඳ සහ දරුවන් සමඟ ප්‍රංශයේ ගතකල අතර ඩුබායි කේන්ද්‍රකරගනිමින් ඔහුගේ මත්කුඩු ජාලය ක්‍රියාත්මක විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.