තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'බේකරිවලට පමණයි' බිත්තර ඇවිත්

    ‘බේකරිවලට පමණයි’ බිත්තර ඇවිත්

    මෙරටට ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය අද (23) අළුයම දිවයිනට ලඟා වූ බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2ක් ආනයනය කර ඇති බව එහි අධ්‍යක්ෂ ටී.ඒ.ඩී රංජිත් මහතා සඳහන් කළේ ය.

    මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් ඉන්දියාවේ සිට බිත්තර ආනයනය කිරිමට රජය තීරණය කර තිබුණි.

    දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව ඒවා නිදහස් කර ගැනීමට නියමිතව තිබේ.

    වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ආනයනය කරන ලද බිත්තර සහනදායී මිලක් යටතේ බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img