fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්ඉදිරි සති භයානකයි: වහා ගතයුතු පියවර 7ක් ගැන වෛද්‍ය සංගමය ජනපතිට ලියයි

    ඉදිරි සති භයානකයි: වහා ගතයුතු පියවර 7ක් ගැන වෛද්‍ය සංගමය ජනපතිට ලියයි

    ඉදිරි සති තුන හෝ ඉන් ඔබ්බට කොවිඩ් මරණ වැඩි වීම නොවැළැක්විය හැකි බවත් මෙරට ජනතාවගෙන් 60%කට වත් අවම වශයෙන් එන්නත ලබා දෙන තෙක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 7ක් සහිත ලිපියක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවා තිබේ.

    ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය වෘත්තිකයින්‌ නියෝජනය කරන ආයතන වන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු ආයතනවල නියෝජිතයින්‌ ලෙස පහත දක්වෙන නිර්දේශ හැකි ඉක්මනින්‌ ක්‍රියාත්මක කිරීම කෙරෙහි සලකා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් සිය ලිපිය ඔස්සේ ඉල්ලා ඇත.

    උපරිම ධාරිතාව දෙගුණයත් ඉක්මවා ඇති රෝහල් රසායනාගාර, කාර්‍ය මණ්ඩලවල අධික වෙහෙසට පත්වීම නිසා සෞඛ්‍ය සේවකයින් ශාරීරිකව හා මානසිකව ඇද වැටීමට ඉඩ ඇති බවත් සෞඛ්‍ය සේවා අඩපණවීමට පෙර වහා අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක්ද ඊට ඇතුළත් වේ.

    1. කොවිඩ්- 19 පාලනය කිරීම සඳහා 2020 ඔක්තෝබර්‌ මාසයේ පළ කරන ලද රජයේ අතිවිශේෂ ගැසට්‌ නිවේදනයේ සඳහන්‌ රෙගුලාසි දැඩි අධීක්ෂණයක්‌ යටතේ අකුරටම ක්‍රියාත්මක කරමින්‌ ජනතාවගේ සංචරණයට දැඩි සීමා පැනවීම.
    2. ආසාදිත පුද්ගල ඝනත්වය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි මත පමනක්‌ පදනම්ව තෝරාගත්‌ ඇතැම්‌ ප්‍රදේශ අගලු දමීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට තීරණ ගැනීම. අවශ්‍ය නම්‌ හා පෙන්වාදෙන
      අවස්ථාවල දිස්ත්‍රික්ක අතර ජනතා සංචරණය සීමා කිරීම ද වැදගත්‌ චේ.
    3. කොවිඩ්- 19 ආසාදිතයන්‌ දඩි ලෙස අධීක්ෂණය කරමින්‌ රෝගය වැළැක්වීමට අදාළ සුචිශේෂී උපායමාර්ගවලට යොමුවෙමින්‌, අවශ්‍ය නම්‌ තෝරාගත්‌ අත්‍යාවශ්‍ය සේවා අංශ හා ආර්ථිකයට දායක වන සේවා පවත්වාගෙන යාමට පියවර ගැනීම.
    4. සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ සමීප හා දැඩි අධීක්ෂණය යටතේ, රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින්‌ සිය නිවාසවලම හුදෙකලා කිරීම හා එම පවුලේ සාමාජිකයින්‌ එම නිවසේම
      නිරෝධායනය කිරීම. මෙහි දී ආසාදිත පුද්ගලයන්‌ නිව්මෝනියා රෝග ලක්ෂණ පෙන්නුම්‌ කරන්නේ නම්‌ දඩි අධීක්ෂණය යටතේ එම රෝගීන්‌ හැකි ඉක්මනින්‌ ආසන්නයේ ඇති නම්‌ කළ රෝහල වෙත යොමු කිරීමට විධිවිධාන යෙදීම.
    5. ඇඳන්‌, ඔක්සිජන්‌, දඩි සත්කාර ඒකක පහසුකම්‌ ආදිය ප්‍රමාණවත්‌ ලෙස සපයමින්‌ ප්‍රතිකාර සේවා තවදුරටත්‌ ශක්තිමත්‌ කිරීම.
    6. PCR පරීක්ෂණ සහිතව කොවිඩ්- 19 රෝග නිර්ණය සඳහා දිවයින පුරා රසායනාගාර සේවා ශක්තිමත්‌ කිරීම හා ස්ථාවර හා අඛණ්ඩ සැපයුම්‌ දාමයක්‌ සහතික කිරීම.
    7. හැකි ඉක්මනින්‌ රටපුරා ප්‍රමාණවත්‌ ආවරණයකින්‌ යුක්තව නිසි එන්නත්කරණ ක්‍රියාවලියක්‌ දියත්‌ කිරීම
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.