දරුවන් අන්තර්ජාලයෙන් අධ්‍යාපනය ලබන කටයුතු සිදුකිරීමේදී Earphones භාවිත කිරීම නිසා කනට හානි සිදුවන බව උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පැවසුවාය.
දරුවන් නිතර නිතර earphones කනේ ගසාගෙන සිටීම නිසා කලාදුරු කන තුළට තල්ලු වී යන අතර ඒ නිසා කන පැසවීම, පුස් හට ගැනීම, කන් බෙරයට හානි වීම සිදුවිය හැකි බව චන්ද්‍රා ජයසේකර මහත්මිය කියා සිටියාය.
කනට එවැනි හානි සිදුවීම නිසා ශ්‍රවණාබාධ හටගන්නා බව ද ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය.
කනට යම් හානියක් සිදුවුවහොත් හෝ ඇසීමේ දුර්වලතා ඇත්නම් ප්‍රමාද නොවී වෛද්‍යවරයකු හමු විය යුතු බව ද චන්ද්‍රා ජයසූරිය මහත්මිය කීවාය.