කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
එහිදී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මුදල් වෙන් කර ගැනිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව සඳහන් ය.
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ කථානායකවරයා හමුවී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් වෙන් කර දීමට මැදිහත් වන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
එහිදී ගනුලැබූ තීරණයකට අනුව මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ.