අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ඉකුත් 22 වැනි දින ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද එය දින නියමයක් නොමැතිව කල් ගොස් තිබේ.
පිළිතුරු පත්‍ර ඇගයීම සදහා ලබාදෙන ලබා දෙන දීමනාව වැඩි කරන්නැයි බලකරමින් ගුරුවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ඉල්ලුම් නොකිරීම හේතුවෙන් ඇගයීමේ ක්‍රියාවලිය කල්ගොස් තිබේ.
උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරුන් 19000ක් පමණ අවශ්‍ය නමුත්, මෙවර ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරුන් 15000ක් පමණක් බව ද විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු රන ගුරුවරුන්ට රුපියල් 3000ක දෛනික දීමනාවක් ලබාදෙන්නැයි ගුරු සංගම් ඉල්ලීමක්ද කර තිබිණ.
මේ පිළිබඳ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ පිළිතුරු පත්‍ර ඇගයීම් සිදු කරන ගුරුවරුන්ගේ දෛනික දීමනාව ඉහළ නංවාලීම සඳහා මේ වනවිට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවය.
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ ගුරු සංගම් සමග සාකච්ඡා කර ඉතා ඉක්මනින් පිළිතුරු පත්‍ර ඇගයීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවද සඳහන් කළේය.