තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විරෝධයේදී තුවාල ලැබූ මාලිමාවේ ඡන්ද අපේක්ෂකයකු මියයයි

    විරෝධයේදී තුවාල ලැබූ මාලිමාවේ ඡන්ද අපේක්ෂකයකු මියයයි

    කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ පළාත් පාලන මැතිවරණයට තරගවැදීමට සිටි අපේක්ෂකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ පැවති විරෝධතාව අතරතුර තුවාල ලැබීම හේතුවෙන් ඔහු රෝහල්ගත කොට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර අද ඔහු මියගොස් ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.

    මියගොස් ඇත්තේ 61 හැවිරිදි නිවිතිගල, නොරගල්ල සමානුපාතික ලැයිස්තු අපේක්ෂක නිමල් අමරසිරි හෙවත් සී.සී. මහත්තයා ලෙස ප්‍රකටව සිටි අයෙකි.

    ජාතික ජනබලවේගය පැවසුවේ ඔහු තුවාල ලැබීම නිසා දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ගත් බවයි.

    ඊයේ ජාතික ජනබලවේගයේ විරෝධතාව පැවැත්වුණේ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට බලකරමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img