විදුලි ගාස්තු ඉහළයෑමත් සමඟ ඉදිරියේ දී ජල ගාස්තු සංශෝධනය වීමේ හැකියාවක් පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරන පිරිවැයෙන් 35%ක් පමණ විදුලිය වෙනුවෙන් වැය කෙරේ.
විදුලි ගාස්තු ඉහළ නැංවීම තුළ එම කටයුතු සඳහා අධික පිරිවැයක් දැරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදුව ඇත.
මේ හේතුවෙන් ජල ගාස්තු ද ඉදිරියේ දී වැඩි කිරීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් පරිපාලනයමය වශයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.
මේ වන විට මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් ජල පාරිභෝගිකයින් සිටී.
ඉන් 92%ක් ගෘහස්ත ජල පාරිභෝගිකයින් ය.
එහි 8% ක් ගෘහස්ත නොවන පාරිභෝගිකයින් වේ.