fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඩි 700ක ප්‍රපාතයකට පෙරලුණු ත්‍රීරෝද රියේ දෙදෙනෙක් එතැනම මරුට

    අඩි 700ක ප්‍රපාතයකට පෙරලුණු ත්‍රීරෝද රියේ දෙදෙනෙක් එතැනම මරුට

    දෙනියාය – රක්වාන මාර්ගයේ ගමන්කරමින් තිබුණු ත්‍රීරෝද රථයයක් අද සවස ජම්බුගස්වැටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 700ක් පමණ වූ ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්කරමින් සිටි දෙදෙනෙක් මියගොස් රියදුරු සහ තවත් අයෙක් තුවාල ලබා ඇත.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වන අයෙක් සහ වයස අවුරුදු 61ක් වන කාන්තාවකි. ඔවුන් දෙදෙනා එම ස්ථානයේම මියගොස් ඇත.

    මියගිය කාන්තාවගේ වයස අවුරුදු 62ක් වන සැමියා සහ වයස අවුරුදු 24 ක් වන ත්‍රීරෝද රථයේ රියදුරා බරපතළ තුවාල කොලොන්න රෝහලට ඇතුළත් කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.