තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නව මැතිවරණ කොමිෂන් සභාවක් කඩිනමින්

    නව මැතිවරණ කොමිෂන් සභාවක් කඩිනමින්

    නව මැතිවරණ කොමිෂන් සභාවක් කඩිනමින් පත් කිරීමට නියමිත අතර මෙවර එම කොමිෂන් සභාවට විශ්‍රාමික නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරු කීපදෙනකුම පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මැතිවරණ පැවැත්වීම පිළිබඳ අත්දැකීම් බහුල නිලධාරීන් මැතිවරණ කොමිසමට පත් කිරීමේ අවශ්‍යතාවය පාර්ශව කිහිපයක්ම රජයට පෙන්වා දී ඇතැයි ද ඒ අනුව රජය පාර්ශ්වයෙන් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරන සාමාජිකයින් ඒ පිළිබඳව වඩාත් සැලකිල්ල යොමු කර ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් ලෙස පත් කිරීමට අපේක්ෂා කරන්නන්ගේ අයදුම්පත් භාර ගැනීම හෙට අවසන් වන අතර ඉන් අනතුරුව කඩිනමින් නව මැතිවරණ කොමිෂන් සභා පත් කරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    මැතිවරණ කොමිෂන් සභාවේ නව සාමාජිකයින් පත් කිරීම සඳහා විශ්‍රාමික මැතිවරණ කොමසාරිස්වරු කිහිප දෙනෙකුම ඉල්ලුම් කර ඇතැයිද වාර්තා වේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img