fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සහෝදරත්වයේ ක්‍රිකට් තරග කොළඹදී

    මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සහෝදරත්වයේ ක්‍රිකට් තරග කොළඹදී

    මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව මහින්ද සමාජය සහ රිච්මන්ඩ් ක්‍රිකට් සමාජය විසින් විධානය කරන Mahinda-Richmond: Brotherhood Beyond Boundaries ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරගාවලිය හා සුහඳ හමුව පෙබරවාරි 12 වැනිදා කොළඹ 07 වෙළඳ සේවා ක්‍රිකට් සමාජ පිටියේ දී පැවැත්වේ.

    සිමා මායිම් නොමැති සහෝදරත්වය තේමාවෙන් පැවැත්වෙන මෙම මහින්ද රිච්මන්ඩ් ආදි සිසු ක්‍රිකට් තරගාවලිය හා සුහඳ හමුවට එක්වීමට දෙවිදුහල්හිම ආදි සිසුන්ට අවස්ථාව උදාවී තිබේ.

    වයස අවුරුදු 50ට වැඩි සහ අවුරුදු 50න් පහළ ලෙස මහින්ද රිච්මන්ඩ් ආදි සිසු විස්සයි 20 ක්‍රිකට් තරග දෙකක් මෙම තරගාවලියට ඇතුළත්ය. මහින්ද විද්‍යාලය මෙන්ම රිච්මන්ඩ් විද්‍යාලයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රිඩකයන් ඇතුළු දෙවිදුහල්හි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියට ක්‍රීඩා කරයි.

    1972 මහින්ද-රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටනට නායකත්වය දුන් රිච්මන්ඩ් නායක ප්‍රසාද් කාරියවසම් සහ මහින්ද නායක අයිවන් කාරියවසම් මෙරට නොමැති බැවින් එම කණ්ඩායම නියෝජනය කළ රිච්මන්ඩ් විද්‍යාලයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයකු වූ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) රවී අරුන්තවනාදන් සහ මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියාවන මහින්ද විද්‍යාලයේ පී.එච්.කේ.රණසිංහ මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයෝ ලෙස එක්වෙති.

    වයස අවුරුදු 50 ට වැඩි සහ 50 න් පහළ කණ්ඩායම් අතර T20 තරඟ දෙකක් පැවැත්වෙන අතර ඉන් පළමු තරගය පෙබරවාරි 12 වන දින පෙ.ව. 9.30 ටත්, දෙවැනි තරගය පස්වරු 1ටත් ආරම්භ වේ. මෙම තරග මුළුමනින්ම නොමිලේ නැරඹිය හැකි අතර එදින රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා පමණක් රු.3000ක වටිනාකමින් යුතු සීමිත ප්‍රවේශපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ. කැමති අයෙකුට 0714527250 අංකයෙන් ඩිල්ෂාන් අමරසිංහ හෝ 0768343844 අංකයෙන් සුබෝධ ගුණවර්ධන අමතා ප්‍රවේශපත්‍ර වෙන් කර ගත හැකිය.

    වැඩසටහන් කාලසටහන

    පෙ.ව. 9.30 – ප්‍රධාන ආරාධිත අමුත්තන් සමඟින් සමාරම්භක උත්සවය මහින්ද විද්‍යාලයීය විදුහල්පති අතුල විජේවර්ධන හා රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පී. පුෂ්පකුමාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වේ. සමාප්ති උත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තන් වන රවී අරුන්තවනාදන් සහ පී.එච්.කේ. රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සවස 5.30ට ආරම්භ වන අතර එතැන් පටන් සුහඳ හමුව ද ආරම්භ වේ.

    මහින්ද විද්‍යාලයීය අවුරුදු 50ට ඉහළ සංචිතය:

    දුලිප් ද සිල්වා, ගීතාංග ද සිල්වා, මිහිර එගොඩගේ, උපුල් චන්දන, උදයංග සිරිමාන්න, චන්දික සිරිමාන්න, උපුල් ගුණසේකර, නලින් පියරත්න, ක්‍රිෂාන්ත ජයසේකර, ගයාල් ලංකා, හසිත රාජපක්ෂ, කුෂාන්ත ද සිල්වා, දුමින්ද වික්‍රමසිංහ, උපුල් කුමාර සහ අනුර පණ්ඩිතගේ

    මහින්ද විද්‍යාලීය අවුරුදු 50න් පහළ සංචිතය:

    හසිත් දර්ශන, තුසිත පල්ලිවත්ත, තරංග මාරඹ, කල්ප හේවාගම, තරිදු රන්දිම, සුනෙත් කුඩාහෙට්ටි, අසේල වේවැල්වල, හිරන්ත විජේසිංහ, දමිත් දිල්හාර, සුලලිත් ශමේන්ද්‍ර, සම්පත් කොස්තා, තුෂර රූපසිංහ, ප්‍රශාන් වීරවර්ණ, ලසත් උඩුගමසූරිය සහ සංජය විතාන

    රිච්මන්ඩ් විද්‍යාලය 50ට ඉහළ සංචිතය:

    සී.කේ. හේවාමාන්න (නායක), තුෂාන් ජයවර්ධන (උප නායක), ප්‍රසාද් අබේසුන්දර, පී.ඒ. ගුණවර්ධන, ලසන්ත ද සිල්වා, නිශාන්ත මෙන්ඩිස්, උපුල් යටවර, ප්‍රසන්න රාමනායක, එස්.ටී.ආර්. ජයසේකර, අශෝක සිරිමාන්න, අසිත ද සිල්වා, චින්තක වික්‍රමසිංහ, චන්දිම මෙන්ඩිස්, සහ හිරාන් ජයවර්ධන.

    රිච්මන්ඩ් විද්‍යාලයීය අවුරුදු 50න් පහළ සංචිතය:

    චමිල ගමගේ (නායක), අනිල් රිදීගම්මන (උප නායක), සමන්ත ලොරෙන්සුහේවා, ඩිල්ෂාන් අමරසිංහ, ෆවාස් ජිෂ්ටි, උදය කුමාර, ඉන්දික උදයංග, චමිත් සිල්වා, චතුර අරවින්ද, තරිඳු වීරසිංහ, එම්. ෆයිසර්, භක්ති මෙන්ඩිස්, ලිසුල විජේනායක, භාතිය කලංසූරිය සහ සුබෝධ ගුණවර්ධන

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.