fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රහස්පතිට තවත් හඳවල් 12ක්

    බ්‍රහස්පතිට තවත් හඳවල් 12ක්

    තාරකා විද්‍යාඥයින් විසින් පසුගියදා බ්‍රහස්පති ග්‍රහයා වටා පරිභ්‍රමණය වන නව චන්ද්‍රයින් 12ක් සොයා ගැනීමට සමත්ව තිබේ.

    ඒ අනුව බ්‍රහස්පති ගහයා වටා පරිභ්‍රමණය මුළු චන්ද්‍රයන් ගණන 92ක් දක්වා ඉහළ ගොස් ඇත. තාරකා විද්‍යාඥයින් පෙන්වා දෙන ආකාරයට අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයන් සංඛ්‍යාවක් පවතින ග්‍රහයා බවට බ්‍රහස්පති පත්ව තිබේ.

    මීට අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම චන්ද්‍රයන් සංඛ්‍යාවක් පවතින ග්‍රහයා ලෙස සලකණු ලැබුවේ චන්ද්‍රයන් 83කට හිමිකම් පෑ සෙනසුරු ග්‍රහයාය.

    ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ කුඩා ග්‍රහලෝක මධ්‍යස්ථානය විසින් පවත්වාගෙ ගිය ලැයිස්තුවකට බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් මෑතකදී එකතු කරන ලද බව කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Carnegie ආයතනයේ ස්කොට් ෂෙපර්ඩ් පැවසීය.

    2021 සහ 2022 දී හවායි සහ චිලී හි දුරේක්ෂ භාවිතයෙන් මෙම චන්ද්‍රයන් සොයා ගන්නා ලද අතර පසු විපරම් නිරීක්ෂණ මගින් ඔවුන්ගේ කක්ෂය තහවුරු කරන ලදී.

    ෂෙපර්ඩ් පවසන අන්දමට මෙම නවතම චන්ද්‍රයන්ගේ ප්‍රමාණය කිලෝමීටර 1 සිට 3 දක්වාපරාසයක පවතී. ” ඉදිරියේදී මෙම චන්ද්‍රයන්ගේ සමීප ඡායාරූප අපිට අධ්‍යනය කිරීමට අවස්ථාව ලැබෙයි කියා මම හිතනවා. එවිට මෙම චන්ද්‍රයන් පිළිබඳ තොරතුරු රැසක් සොයා ගැනීමට හැකිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් මාධ්‍ය වෙත සඳහන් කළේය..

    මේ අතර අප්‍රේල් මාසයේදී, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය බ්‍රහස්පති ග්‍රහයා සහ එහි විශාලතම අයිස් සහිත චන්ද්‍රයන් අධ්‍යයනය කිරීම සඳහා අභ්‍යවකාශ යානයක් යැවීමට තීරණය කර ඇත. එමන්ම ලබන වසරේ නාසා ආයතනය විසින් බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයා ගවේෂණය කිරීම සඳහා Europa Clipper දියත් කිරීමට සැලසුම් කර තිබේ.

    ෂෙපර්ඩ් මීට වසර කිහිපයකට පෙර සෙනසුරු වටා චන්ද්‍රයින් සමූහයක් සොයා ගත් සහ බ්‍රහස්පති වටා මෙතෙක් චන්ද්‍ර සොයාගැනීම් 70 කට සහභාගී වී ඇති මෙම ග්‍රහයන් දෙදෙනාගේම චන්ද්‍ර සංඛ්‍යාවට පිළිබඳ තවදුරටත් අධ්‍යනය කිරීමට අපේක්ෂා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.