තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සිට අඩුවන බඩු මිල

    හෙට සිට අඩුවන බඩු මිල

    හෙට (2) සිට ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 25කින්, ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 15 කින්, දේශිය රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 10 කින් සහ පාන්පිටි කිලෝවක මිල රුපියල් 5 කින් අඩු කර ඇත.

    වියලි මිරිස් කිලෝවක් රුපියල් 1675 කට, ලොකු ළූණු කිලෝවක් රුපියල් 165 කට, දේශීය රතු කැකුළු කිලෝවක් රුපියල් 169 කට සහ පාන්පිටි කිලෝවක් රුපියල් 230 කට මිලදී ගත හැකි බවත් ලංකා සතොස පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img