fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට සංශෝධන

    සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට සංශෝධන

    සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නිති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    2023 වර්ෂය සඳහා වන අයවැය යෝජනා මඟින් නිෂ්පාදන බද්දට යටත් වන මෝටර් රථ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ භාවිත සඳහා ගැනෙන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කරනු ලැබ තිබේ.

    එසේම, එකී පනතට සිදු කළ යුතු තවත් සංශෝධන කිහිපයක් මේ වන විට හඳුනාගනු ලැබ ඇත. ඒ සඳහා නව සංශෝධන ඇතුලත් කිරීමට අපේක්ෂිතය.

    2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත යටතේ වාර්ෂික බදු අය කළ හැකි පිරිවැටුම රුපියල් මිලියන 120 ඉක්ම වන බදු අය කළ හැකි පුද්ගලයන් මක 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් පනවනු ලැබ ඇත.

    එම බද්දෙන් නිදහස් කිරීම් පනතේ පළමු උපලේඛනය යටතේ දක්වා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.