තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් නිලධාරියාට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට

    පොලිස් නිලධාරියාට පහරදුන් එජාප මන්ත්‍රී අත්අඩංගුවට

    ගොවි සමිතියක සාමාජිකයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී අබ්දුල් මජීඩ් අන්දීන්ව අත්අඩංගුවට ගැනීමට ගිය පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට ඊයේ පහරදීමක් සිදුව ඇත.

    එම පහරදීම කර ඇත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාය.

    පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් උප පොලිස් පරීක්ෂකවරයා සමඟ පොරබදා ඇති මන්ත්‍රීවරයා උප පොලිස් පරීක්ෂකවරයාට පහරකිහිපයක්ද එල්ලකර තිබේ.

    පොලීසිය පවසන්නේ දැඩි පරීශ්‍රමයකින් අනතුරුව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත. ගොවි සමිති සාමාජිකයාට පහරදීමට අමතරව ඔහුට එරෙහිව පොලිස් නිලධාරියෙකුට පහරදීම සම්බන්දයෙන්ද චෝදනා ගොනුකරන බව පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img