තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති - පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක්

    ජනපති – පක්ෂ නායකයින් අතර අද විශේෂ හමුවක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද (18) පැවැත්වීමට නියමිතව ඇත.

    මෙම පක්ෂ නායක හමුව පැවැත්වෙන්නේ ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් දෙන පාර්ශව හෙළිකෙරෙන මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පතට විපක්ෂයේ පක්ෂ විරුද්ධ වීම නිසා බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

    මැතිවරණ වියදම් නියාමන පනත ගෙන ඒම මගින් අපේක්ෂා කරනු ලැබුයේ මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වියදම් කරන පාර්ශව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීමකි.

    එම ක්‍රමවේදය ගෙන එනවාට විරුද්ධ බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා හමුවී ඊයේ (17)කරුණු දක්වනු ලැබූහ.

    අධිකරණ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුව පැවැත්වීමට තීරණය කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය ඇතුළු බහුජන සංවිධාන ගණනාවක් අදාල පනත ගෙන එන ලෙසට රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගැනුණි.

    මෙරට ඡන්ද ව්‍යාපාරවලට මුදල් දෙන පාර්ශව හෙළි කරනවාට විරුද්ධ පක්ෂ නායකයන් එරෙහි වන්නේ කුමක් නිසාදැයි තේරුම් ගත නොහැකි බව මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img