තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශ්‍රාමික වැටුප ගැන එළියට ආ දේ..

    විශ්‍රාමික වැටුප ගැන එළියට ආ දේ..

    විශ්‍රාම යන රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 85%ක් විශ්‍රාම වැටුප් ලෙස යළි ඔවුන්ට ලබා දීමට සිදුවන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙම වසර අවසානයේ රාජ්‍ය සේවකයන් 30,000ක් පමණ විශ්‍රාම යාමට නියමිත බවයි .

    කෙසේ වෙතත් මෙලෙස විශාල පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් රාජ්‍ය සේවයෙහි කඩාවැටීමක් කිසිසේත් සිදුනොවන බව ඔහු අවධාරණය කරයි.

    මෙලෙස විශ්‍රාම යන පිරිස අතරට, ආරක්ෂක අංශයේ, සංස්ථා, මණ්ඩල ආදී සෑම ආයතනයකම පිරිස් සිටින බද සඳහන් ය.

    එසේම රටට බරක් වී ඇති බව කියන රාජ්‍ය සේවය තුළනය කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    රාජ්‍ය සේවයේ විශ්‍රාම යන වයස අවුරුදු 65 කළ පසු විශාල පිරිසක් විශ්‍රාම යෑමට නියමිත අතර, රැකියා ලක්ෂය යටතේ රැකියා ලබාගත් අය ඉහත පුරප්පාඩු සදහා යෙදවීමේ අරමුණින් ඔවුන්ගේ සේවය ස්ථීර කිරීමටද කටයුතු යොදා ඇත.

    එසේම කාර්යාල කාර්යය සහායක තනතුරෙහි සිටිමින් විභාග සඳහා පෙනී සිට සමත් වූ 1,400ක පමණ පිරිසකට අදාළ උසස්වීම් ලබාදීමට ද කටයුතු සුදානම් කර තිබේ.

    ඒ අනුව රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට අවධානය යොමුව ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img